elawalu

බිත්තර, කුකුල් මස් මිලද මේ වන විට දැඩි ලෙස ඉහළ ගොස් ඇති අතර මෙම තත්වයන් මත පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ ජනතාව පවසනුයේ මේ වන විට බිත්තරය මිල රුපියල් 22ත් 24ත් අතර මිලකට අලෙවි වන අතර කුකුල් මස් ක්‍රිලෝවක මිලද රුපියල් 800ත් 850ත් අතර මිලකට අලෙවි වන බවත් එම තත්වයන් මත තමන් මේ වන විට දැඩි අසීරුතාවයන්ට පත්ව ඇති බවත්ය.

බිත්තර හා කුකුල් මස් මිල මෙසේ ඉහල යාම පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දක්වන කුකුල් මස් හා බිත්තර වෙළදුන් පවසනුයේ බිත්තර හා කුකුල් මස් තොග මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්.

බිත්තර හා කුකුල් මස් මිල මෙසේ ඉහල යාමත් සමග බිත්තර කුකුල් මස් අලෙවියද පහල බැස ඇති බවත් එම තත්වයන් මත තමන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම වෙළදුන් වැඩි දුරටත් පවසති.

එළවලු මිල දැඩි ලෙස ඉහල යාම හා එළවලු හිගය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල සමන්‍ය එළවලු වෙළදුන් දැඩි අසරණ තත්වයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්ව එහි සමන්‍ය එළවලු වෙළදුන් පවසනුයේ මේ වන විට එළවලු හිගයක් පවතින බවත් ලැබෙන එළවලුද මිල දැඩි ලෙස ඉහළ මට්ටමක පැවතිමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

තමන් වෙළදාම් සදහා එළවලු කිලෝ හතරක් පහක් පමන ලබා ගන්නා බවත් එසේ ලබා ගන්නා එළවලු ග්‍රැම් සියය දෙසිය පනහක බැගින් විකිණිම සිදු කරන බවත් එසේ එළවලු විකිණිමද මේ වන විට දැඩි ලෙස පහල බැස ඇති බවත් එම තත්වයන් මත එළවලු සැහෙන ප්‍රමාණයක් අපතේ යාමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

මෙම තත්වයන් මත තමන්ට එළවලු වෙළදාමෙන් ඉවත් විමට සිදුව ඇති තත්වයක් උදාවීමත් සමග සමග තමන්ට යන එන මං නැතිවන තත්වයන්ට පත්ව ඇති බවද එම පිරිස තව දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories