pradeepan

මෙවර අය වැයට පෙර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සමහර අය මෙන්ම විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර වැනි අය මෙම ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරමින් ජනතාව තුල කුතුහලයක් අති කලත් අවසානයේ මේ සියලුම දෙනා අය වැයට පක්ෂව ඡන්දය ලබා දුන් බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක හා මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති පි. ප්‍රදිපන් මහතා පවසයි.

ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු ප්‍රදිපන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. ජනතා අකර්ශණය දිනා ගැනිමට විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන මහත්වරුන් මෙන්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සමහර අය මෙසේ කටයුතු කල අතර ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ සමහර අය ඇමතිකම්වලින් ඉවත්වනවා.

ඉදිරි මැතිවරණවලදි වෙනම තරග කරන බව කිවත් මේ සියලුම දෙනා අය වැයට පක්ෂව ඡන්දය ලබා දිමට පියවර ගැනිම පිළිබදව මේ වන විට සමන්‍ය ජනතාව කලකිරිමකට පත්ව සිටිනවා.

මෙම අයගේ මෙම හැසිරි හේතුවෙන් ඉදිරියේදි පැවැත්වෙන පළාත් පාළන පළාත් සභා මැතිවරණය සදහා ප්‍රාදේශීය මට්ටමින් ඉදිරිපත්වන අපේක්ෂකයන් විවිධ ප්‍රශ්නවලට ලක් වෙනවා මොකද පාර්ලිමේන්තුව නියෝජනය කරන මේ සමහර ඇමතිවරු මන්ත්‍රිවරු මෙසේ ආණ්ඩුවට එරෙහිව විවෙචන කරමින් ආණ්ඩුව සමග සිටිම ඩිල් දැමිමක් ලෙසයි මේ ජනතාව තේරුම් ගන්නේ.

අද රිෂාඩ් බදුර්දීන්, රවුප් හකිම් වැනි අයත් රජය දැඩි ලෙස විවෙචනයට ලක් කලත් ඔහුන්ගේ මන්ත්‍රිවරුන් අය වැයට පක්ෂව ඡන්දය ලබා දෙනවා මේ අය කරන්නෙත් ඩිල් දැමිමක්.

එමෙන්ම විපක්ෂ නායක සජිත් ඇතුළු විපක්ෂයේ අයත් විවිධ උද්ඝෝසන පවත්වමින් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විසි පහක් තිහක් අරගෙන මේ රජය පෙරලන බව කිවත් එය කරන්න බැහැ මොකද මේ ආණ්ඩුව නියෝජනය කරන කිසිවෙක් සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබා දිමට ඉදිරිපත් වෙන්නේ නැහැ.

කවුරු මොනවා කිවත් මේ ආණ්ඩුව වෙනස් කරන්නත් බැහැ චින රජයෙන් ලැබෙන ආධාර මත මේ රජය ඉදිරියට ගෙන යනවා එම ආධාර මත ඉදිරියේදි බඩු මිල අඩු වෙන්නත් පුලුවන් කෙසේ වුවත් මේ ඩිල් කරුවන් ඉන්න කම් මේ රට හොද ආණ්ඩුවකට කර ගෙන යන්න බැහැ හොද ආණ්ඩුවක් කර ගෙන යන්න නම් මේ ඩිල් කරුවන් නැති විය යුතුයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts