Coronavirus-in-India

වටවල ඇගලුම් කම්හලින් තවත් කොවිඩ් 19 ආසාදිතයන් දස දෙනකු හමුවිමත් සමග වටවල ඇගලුම් කම්හලින් හමුවු කොවිඩ් 19 ආසාදිතයන් ගනන 72 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු කේ. කාමදේවන් මහතා පවසන ලද්දේ වටවල ඇගලුම් කම්හලේ සේවකයන්  අහඹු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමේන් පසුව කොවිඩ් ආසාදියකු හමුවිමෙන් පසුව එම ඇගලුම් කම්හලේ සේවක පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසුව මෙම කොවිඩ් ආසාදිතයන් මෙසේ හමුවු බවත්ය.

වටවල ඇගලුම් කම්හලින් හමුවු කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසු එම ආශ්‍රිතයන් කිප දෙනකුද මේ වන විට කොවිඩ් ආසාදිතයන් ලෙසට හදුනා ගෙන ඇති බවද කාමදේවන් මහතා පවසන ලදි.

මේ වන විට සෞඛ්‍ය අංශ මගින් ලබාදි ඇති උපදෙස් මත වටවල ඇගලුම් කම්හල වසා දැමිමට එහි පාලක මණ්ඩලය මගින් පියවර ගෙන ඇති බවත් එම ඇගලුම් කම්හලේ තවත් සේවක පිරිසක් ස්වයං නිරෝධානයට ලක් කර ඔවුන්ද පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගෙන ඇති බවද ඔහු තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා  – හැටන්

Similar Posts