death

වතුර හැරවීමට කුඹුරට ගොස් අසලවු කුඩා ඇල පාරකට වැටිමෙන් ජීවිතක්ෂයට පත්වූ ගොවියෙකුගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශය පරික්ෂණයක් අරඹා තිබේ.

මෙසේ ජීවිතක්ෂයට පත්වි ඇත්තේ බාලදක්ෂ මාවත ගල්කඩවල අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි සයිමන්ගේ සරත් ජයකොඩි (56) යන අයයි.ඔහු අනුරාධපුර පන්කුලිය ප්‍රදේශයේ පිහිටි කුඹුර ආසන්නයේ ඇති කුඩා ඇල පාරකට වැටි උඩුබැලි අතට සිටියදි බිරිද හා තවත් ගොවින් පිරිසක් දැක තිබෙනා බව පරික්ෂණ සිදුකරනා පොලිසිය පවසයි.

ඔහු ගල්කඩවල පිහිටි නිවසේ සිට (29දා) සවස් කාලයේ පන්කුලියේ පිහිටි කුඹුරු ළියැදි වලට වතුර හැරවීම නිවසින් පැමිණ තිබෙනා බවත් මරණකරු රාත්‍රීය වනතුරුම නිවසට නොපැමිණිම නිසා බිරිද ඔහු සෙවීමට කුඹුරට පැමිණ ඇති බව පොලිසිය පවසයි.

බිරිද අසල්වැසි කුඹුරු හිමියෙකු සමග එහි ගොස් සැමියා පිළිබදව සොයා බලද්දි අඩි දෙකක් පමණවූ ඇල මාර්ගයට ඇදවැටී උඩුබැලි අතට පාවෙමින් සිටින අයුරු දැක තිබේ.

1990 ගිලන් රථයකට ඒ බව දැන්විමෙන් පසුව ගිලන් රථය එහි පැමිණ ජලයේ වැටි සිටි පුද්ගලයාව ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇතත් ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරුන් තහවුරු කර තිබුණි.

මරණකරු මියගිය ස්ථානයට පැමිණි අනුරාධපුර නාගරික හදිසි මරණ පරික්ෂක ජේ.එම් ජයතිලක මහතා මරණයට හේතුව අනාවරණය කර ගැනීමට සිරුර පශ්චාත් මරණ පරික්ෂණයට යොමුකරනා ලෙස පොලිසියට නියෝග කළේය.

මියගිය පුද්ගලයාට කිසිදු රෝගාබාධයක් නොතිබූ බව බිරිද මරණ පරික්ෂකවරයාට අනාවරණය කර තිබූ අතර ඔහුට විෂකුරු සර්පයෙකු දෂ්ඨ කළේද යන්න පිළිබදව සැකමතුවි ඇති බව මරණ පරික්ෂකවරයා පැවසුවේය.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධානා පොලිස් පරික්ෂක ඊ.එම් සංජීව මහනාම මහතාගේ උපදෙස් අනුව විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චමින්ද ගුණසේකර මහතාගේ මෙහෙයවිමෙන් මරණය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකෙරේ

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories