waw

ඉන්ධන මිල ඉහළ යාම හා ඉන්ධන ලබා ගැනීමට ඇති බාධා හමුවේ මුහුදු මාළු මිල ශීඝ්‍ර ලෙස ඉහළ යෑමත් සමග වැව් මාළු පරිභෝජනයට ජනතාව නැඹුරු වී ඇති බව පුත්තලම දිස්ත්‍රික්කයේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ නියැළෙන ධීවරයෝ පවසති.

පවතික තත්ත්වය හමුවේ මිරිදිය මසුන්ගේ මිල ද සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතත් මුහුදු මසුන්ගේ මිලට සාපේක්ෂව අඩු බව ද මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ නියැලි ධීවරයෝ පෙන්වා දෙති.

කෙසේ වෙතත් දිස්ත්‍රික්කයේ මේ වන විට විවිධ ප්‍රදේශ වල විවධ මිල ගණන් යටතේ මිරිදිය මසුන් අලෙවි කරන බවට වාර්තා වුවත් ආණමඩුව කොට්ටුකච්චිය ජලාශයේ අදටත් පෙර පරිදි වැව් මාළු කිලෝව රුපියල් 350 කට අලෙවි කිරීමට එම ධිවරයින් එකගතාවකට පැමිණ තිබේ.

More Stories