ශ්‍රී ලංකා සාම විනිශ්චයකාරවරුන්ගේ මඩුල්ල විසින් “We Can අපට පුළුවන්” සාමය සඳහා වූ ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

එම මඩුල්ලේ සභාපතිවරයා වන ආචාර්ය ඒ එම් එම් ෆහද් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සඳහා දිස්ත්‍රික්ක 25 ම නියෝජනය කරන සාම විනිසුරුවරුන් සහභාගි විය. මෙම අවස්ථාවට කථිකයින් ලෙස ජාතික සාමය සඳහා වූ සභාවේ ජාතික අධ්‍යක්ෂක ජෙහාන් පෙරේරා මහතා, කොළඹ විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක, කථිකාචාර්ය හකීම් මහතා සහ සාමය සඳහා වූ ජාතික සභාවේ ජාතික අධ්‍යක්ෂක ආචාර්ය ඉලංගෝ ගාන්දි මහතා එක්විය.

මෙහිදී සාමය සහ මානව හිමිකම් පිළිබඳව අවධානය යොමු වු අතර ජාතික සාමය ව්‍යාපෘතිය පිළිබඳව එහි සභාපති ෆහද් මහතා පැහැදිලි කළේය.තවදුරටත් රටපුරා සිය ගණන්, සාමය සඳහා වූ වැඩසටහන් සාම විනිසුරුවිනිසුරුවරුන්ගේ සහභාගිත්වයෙන් එතුමන්ලාගේ සංවිධානයෙන් දිස්ත්‍රික් කණ්ඩායම් විසින් ප්‍රාදේශීය මට්ටමෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු කර ඇති බව සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

මෙම අවස්ථාව සඳහා දිස්ත්‍රික්ක 25 නියෝජනය කරන ප්‍රාදේශීය සම්බන්ධීකරණ සාමවිනිසුරුන් පිරිසක් එක්ව සිටිහ. එහිදි එතුමන්ලාගෙ සේවය අගයමින් සහතික පත්‍ර ප්‍රාධානය කිරීමට එම මඩුල්ල සමත්විය. එපමනක් නොව මානව හිමිකම් පිළිබඳ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය කණ්ඩායමකට (50) ශ්‍රී ලංකා සාම විනිශ්චකාරවරුන්ගේ මඩුල්ලේ ශිෂ්‍යත්වය ලබා දීම මෙහිදී විශේෂත්වයකි.

Similar Posts