මධ්‍යම කදුකරයේ කාසල්රි ජලාශයට ජලය සැපයෙන ජල පෝෂිත ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් මත කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළට යමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය.
මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම දිනවල විටින් විට මෙම ජලාශයට ජලය සැපයෙන ප්‍රදේශයන්ට වැසි පවතින බවත් එම තත්වයන් මත මෙම ජලාශයේ ජල මට්ටම ඉහල යමින් පවතින බවත්ය.
එම තත්වයන් මත 16වන දින උදැසන වන විට මෙම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 06යි අගල් 05ක් පහලින් පවතින බවත් මෙම ජලාශයේ ජලය ජල විදුලිය නිපදවිම සදහා අදාල ජල විදුලි බලාගාර වෙත උපරිම ලෙස මුදා හරින බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්