ව්‍යාජ වට්ස්ඇප් පණිවුඩ ඔස්සේ පුද්ගලයින්ගෙන් මුදල් වංචා කිරීමේ සිද්ධීන් පිළිබඳව විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙයි.
පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසන්නේ මෙවැනි වංචාකරුවන්ට හසු නොවන ලෙසයි.
ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ වට්ස්ඇප් ගිණුම් හැක්කරන වංචාකරුවන් එම ගිණුමේ ඇති අංකවලට පණිවුඩ යවමින් මුදල් ඉල්ලා සිටියි.
ඒ තමන්ට නොව තම හිතවතෙකුට අදාළ මුදල යවන ලෙසත් එය හැකි ඉක්මනින් ආපසු ලබාදෙන බවත් පවසමින්.
ඊට අදාළ නම සහ ගිණුම් අංක ද එවන්නේ අදාළ මුදල ලබාදීමට කැමැත්ත පලකිරීමත් සමගයි.
තම හිතවතාගේ වට්ස්ඇප් ගිණුම හැක්කර ඇති බව නොදැන අදාළ මුදල ලබාදුනහොත් එය ආපසු ලබාගැනීමට නොහැකි වන්නේ වංචාකරුවන් අතට එය පත්වීම හේතුවෙනුයි.
වට්ස්ඇප් පමණක් නොව ෆේස්බුක් / ඉන්ස්ටර්ග්‍රෑම් / ටික්ටොක් ආදී සෙසු සමාජ මාධ්‍ය හරහා ද වංචාකරුවන් මෙවැනි පණිවුඩ යවමින් මුදල් වංචා කරන බවට පැමිණිලි ලැබී ඇති බවයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.