sinhala wela

රටේ කිරි දරුවන්ට කිරිපිටි පැකට්ටුවක් ගෙන්වන්නට ඩොලර් නැති තත්ත්වයක් තිබුණත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට බුරුතු පිටින් විදේශ ගත වන්නට ඩොලර් කොහෙන්දැයි වහාම රටට හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

ජනතාවට අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වන්න වත් රටේ ඩොලර් නැති බව කී එජාප මහාලේකම්වරයා දේශපාලකයන්ට පවුල් පිටින් රට සවාරි යන්නත් කෝවිල් ගානේ ගිහින් පූජා පවත්වන්නත් ඩොලර් තිබෙන බව කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික වූ වාමාංශික ආණ්ඩු පැමිණි සෑම අවස්ථාවකදීම මිනිස්සුන්ට උරුම වූයේ බඩගින්න සහ හාමත පමණක් බවද එජාප මහලේකම්වරයා වැඩිදුරටත් කීවේය.

මේ අතර රසායනික පොහොර තහනමට පෙර රුපියල් 1500 ත් 2000 ත් අතර මිලට අළෙවි වූ කිලෝ 50 පොහොර මිටියක් මේ වන විට රුපියල් 10,000 කට ආසන්න මිලකට අළෙවි කරන බව පොහොර ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග සදහන් කරයි.

Similar Posts