තුන්වන කොරෝනා රැල්ල සුරාසැල් ආශ්‍රිතව ඇතිවීමේ බරපතල අවදානමක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු හඟවා සිටිනවා.
මේ වන විට ධීවර ප්‍රජාව ආශ්‍රිතව දෙවන කොරෝනා රැල්ල ඇති වී එය බරපතල ලෙස රටපුරා ව්‍යාප්ත වෙමින් පවතින මොහොතක දී තුන්වන රැල්ලක් ඇති වුවහොත් රටතුළ ඉතා අවදානම් තත්ත්වයක් මතුවිය හැකි බැවින් සුරාසැල් වැසීමට කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් තම සංගමය විශේෂ ඉල්ලීමක් කරන බවයි එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කරන්නේ.
මත්පැන් සහ දුම්පානයන් මිනිසාගේ ප්‍රතිශක්තිකරණය අඩාල කරන සාධකයක් වන බැවින් ප්‍රතිශක්තිය අඩාල වූ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වුවහොත් බරපතල සංකූලතාවන් මතුවන බව විද්‍යාත්මක තහවුරු කර ඇතැයිද හෙතෙම පෙන්වාදේ.