මේ වන විට අමුමිරිස් ක්රිලෝව රුපියල් 1800ත් 2000ත් දක්වා ඉහල යාමත් සමග බොහෝ පිරිසක් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත.
මේ වන විට අමු මිරිස් ක්රිලෝව රුපියල් 1800ත් 2000ත් නයි මිරිස් ක්රිලෝව රුපියල් 2300ත් 2400ත් අතර මිලකට අලෙවි වන බවත් එසේ ඉහල මිලකයට අලෙවි වන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවද බොහෝ පිරිසක් පවසති.
මිරිස් මිල මෙසේ ඉහල යාමත් සමග ලපටි මිරිස්ද වැඩි වශයෙන් කවලම් කර ඇති බවත් එම තත්වයන් මත අධික මිලක් ගෙවා මිරිස් ලබා ගන්නා සමහර මිරිස්වල සැර ගතිය නොමැති බවද එම පිරිස් පවසති.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන නගරයේ එලවළු වෙළදුන් කිප දෙනකුම පවසන ලද්දේ මේ වන විට මිරිස් මිල දැඩි ලෙස ඉහල යාමත් සමග සමහර වගාකරුවන් ලපටි මිරිස්ද කවලම් කර රැටගෙන ඒමත් සමග පාරිභෝගිකයන් මෙන්ම තමන්ද විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවත්ය.
![](https://www.dailyreporter.lk/wp-content/uploads/2021/01/amu-miris.jpg)