විනාඩි 15ක් තුල අමු තේ ද‍ළු ක්‍රිලෝ 08ක් කඩා රුපියල් ලක්ෂ හයක තැගි මුදලක් හිමි කර ගැනිමට තලවකැලේ වැවිලි සමාගමට අයත් ග්‍රේස්ට් වෙස්ටන් වතුයායේ ඇන්තනි ඉරේෂා රාජලෙච්චමි යන අය සමත් විය.

හේලිස් සමාගමට අයත් තලවකැලේ, හොරණ, කැලණිවැලි වැවිලි සමාගම්වලට අයත් වතු හැටක වතු කම්කරු කාන්තාවන් 50 දෙනකු අතර රදැල්ල තේවතුයායේ පැවති තේ දළු නෙලිමේ තරගයේදි ඇය මෙම ත්‍යාග මුදල හිමි කර ගන්නා ලදි.

තලවාකැලේ, හොරණ, කැලණිවැලි වැවිලි සමාගම්වලට අයත් වතුවල වතු කම්කරු කාන්තාවන් අතර එම වතු තුල තේ දළු නෙලිමේ තරග පවත්වා එම තරගවලින් ප්‍රථම ස්ථාන හිමිකර ගත් වතු කම්කරු කාන්තාවන් අතර මෙම තරගය පැවති අතර මෙහිදි එම තරගකරුවන් අතරින් ප්‍රථම ස්ථානය හිමිකර ගත් රාජලෙච්චමි යන අය මෙසේ මෙම තැගි මුදල හිමි කර ගන්නා ලදි.

හේලිස් සමාගමේ සභාපති මෝහාන් පන්ඩිතගේ මහතා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් මෙම තේ දළු නෙලිමේ තරගය පැවති අතර මෙම අවස්ථාවට එම වතු නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටින ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories