වන ජීවී අමාත්‍ය විමරලවීර දිසානායක මහතා වනජීවී නිළධාරීන්ට කළ බලපෑමට  විරෝධය පළකරමින් යාල වනෝද්‍යානයේ සේවකයින් පිරිසක් විසින්  පවත්වනු ලබන සංකේතාත්මක එක් දින වැඩ වර්ජනය හේතුවෙන් යාළ අභය භූමිය නැරඹීම සදහා පැමිණි සංචාරකයින් රැසකට නැවත ආපසු හැරී යාමට සිදු වූහ.

යාල වනෝද්‍යානයේ වන සත්ව අඩවි ආරක්ෂක ,අඩවි සහකාර,වන, සත්ව නියාමක ක්ෂේත්‍ර සහකාර, කළමණාකාර සහකාර හා මුල්‍ය සහකාර අංශයේ සේවකයින් විසින් මෙම එක්දින වැඩ වර්ජනය  ඊයේ (7) ආරම්භ කොට තිබේ.

සේවක වර්ජනය නිසා යාල වනෝද්‍යානයේ ප්‍රවේශපත්‍ර කවුළුව වසා දමා ඇති බවත් ඒ නිසා ඊයේ  පෙරවරුවේ යාල වනෝද්‍යානය නැරඹීම සදහා පැමිණි සංචාරකයින්ට යාල වනෝධ්‍යානය නැරඹීමේ අවස්ථාව අහිමි වූ බවත් යාල උද්‍යාභාර කරු මනෝජ් විද්‍යාරත්න මහතා පැවසීය.

මේ නිසා යාල වනෝධ්‍යානයේ ප්‍රධාන පිවිසුම් දෙකෙන්ම ඊයේ  දින සංචාරකයින්ට වනෝද්‍යානයට ඇතුළු වීමට නොහැකි වූහ.

ඔහු වැඩි දුරටත් පැවසුවේ උඩවලව, විල්පත්තුව ඇතුළු වනෝද්‍යාන සියල්ලම පාහේ මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයට එක්ව සිටින බවයි.

චන්ද්‍රසේන ගමගේ

More Stories