අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට තව දුරටත් එම තනතුරේ රැඳී සිටින ලෙස රාජපක්ෂ පවුල තුළින්ම දැඩි බලපෑම් එල්ල වෙමින් ඇතැයි වාර්තා වෙයි.
අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වුවත් පවුලේ බලපෑම මත තවදුරටත් එම ධුරයේ රැඳී සිටින බව වාර්තා වනවාවෙයි.
සෞඛ්‍ය තත්ත්වය යම් පිරිහීමට ලක්ව ඇති නිසා විවේක ගත යුතු යයි වෛද්‍ය උපදෙස් ලැබී ඇතත් මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටින්නේ පවුලේ සාමාජිකයන් විසින් කරන ඉල්ලීම මත බව ද වාර්තාවේ.
කෙසේවෙතත් විරෝධතාවල නිරත දහස් ගණන් පුරවැසියන්, එකහෙලා ම ප්‍රකාශ කරන්නේ, ජනපති ඇතුළු සියලු නියෝජිතයින්ට ඉවත් වන ලෙස යි.