සමස්ත දිවයිනටම බලපාන පරිදි ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන අද සහ හෙට දෙදින තුළ දිවයින පුරා පිහිටි මත්පැන් විකිණිමේ සුරාබදු බලපත්‍රලත් ස්ථාන සියල්ල වසා තැබිය යුතු බව සුරා බදු දෙපර්තමේන්තුව නිවේදනය කළා.

26 වන අඟහරුවාදා දින විවෘත කිරිමට අවසර ලැබෙනුයේ 2020 මැයි මස 23 වන සෙනසුරාදා විවෘත කිරිමට අවසර දෙන ලද සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන පමණයි.

කොළඔ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක වල වයින් ස්ටොස් බලපත්‍ර (ර.බී.04) හා බියර් හා වයින් බලපත්‍ර (ර.බී.22 ඒ) යන මත්පැන් පිටතට ගෙන ගොස් පරිභෝජනය සදහා  විකිණිමට අවසර හිමිවනවා.

කොළඔ හා ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයන් ඇතුලත පිහිටි සුපිරි වෙළද සංකිර්ණ ජාලයන්ට අදාල වයින් ස්ටොස් බලපත්‍ර ලත් ස්ථාන වලටද විවෘත කිරිමේ අවකාශය ලැබෙනවා.

ඉහත සඳහන් තොග සහ සිල්ලරට මත්පැන් අලෙවි කිරිමේ බලපත්‍ර ලත් ස්ථාන සියල්ල ක්‍රියාත්මක විය යුත්තේ සුරාබදු කොන්දේසි වලට අමතරව සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වල උපදෙස් හා විධිවිධාන යටතේ පමණක් බව සැලකිය යුතුයි..

More Stories