වැටුප් විෂමතාව ඉවත් කිරීමෙන් පසු තමන්ට සිදුව ඇති බලවත් මූල්‍ය අසාධාරණය නිවැරැදි කරන ලෙස ඉල්ලමින් විදුහල්පති වෘත්තීය සංගම් එකොළහක සාමාජිකයෝ අද (28 ) එක් දින සංකේත වැඩවර්ජනයක් පවත්වති.
නිකුත් කරන ලද චක්‍රලේඛයට විරෝධය පළ කරමින් පවත්වන වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් පසුවත් විසඳුමක් නොලැබුණහොත් දැඩි තීරණ ගැනීමට සිදු වන බව ද එම වෘත්තීය සංගම් සාමාජිකයෝ පවසයි.
විදුහල්පති ශ්‍රේණීධාරීන්ගේ සංගමය, විදුහල්පති වෘත්තිකයන්ගේ සංගමය, ලංකා විදුහල්පති සංගමය, සමස්ත ලංකා විදුහල්පති සේවා සංගමය, ජාතික විදුහල්පති එකමුතුව ඇතුළු සංගම් එකොළහක් මෙම විදුහල්පති සමිති සන්ධානයට අයත් ය.