කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට දිවයිනටම ක්‍රියාත්මකවන පරිදි පැනවූ සංචරණ සීමා අද (17) අලුයම 4.00ට ඉවත් කලත් අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට නිවෙස්වලින් බැහැරවීමට අවසර හිමි නොවන අතර මෙම සීමාවන් තදින්ම බලපැවැත්වෙන බව සදහන්.
පොලිස්පතිවරයාගේ පැහැදිලි කිරීමට අනුව අද අලුයම සංචරණ සීමා ඉවත් වුවද මැයි මස 31වන දින දක්වා දෛනිකව රාත්‍රි 11 සිට අලුයම 4 දක්වා සංචරණ සීමා පැනවීමක් සිදුවන අතර පළාත් අතර සංචරණ සීමා ද අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
තවද සංචරණ සීමා ඉවත් වුවද රාජකාරී කටයුතුවලට හැර වෙනත් අවශ්‍යතා සඳහා නිවෙස්වලින් පිටවීමට හැකියාව ඇත්තේ ජාතික හැදුනුම්පතේ අවසාන අංකයට අනුව බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කළේය.
එසේ හෙට සිට නිවසින් බැහැරට යා හැක්කේ නිවසේ එක් අයෙකුට පමණි. ඒ, නිවස ආසන්නයේම පිහිටි පාරිභෝගික ස්ථානයක් වෙත ගමන් කිරීම සඳහා පමණකි.
ඒ අනුව අද (17) හැඳුනුම්පත් අංක ක්‍රමය අනුව නිවසෙන් පිටවීමට අවස්ථාව හිමිවන්නේ, සිය ජාතික හැඳුනුම්පතෙහි අවසාන අංකය ඔත්තේ ඉලක්කමක් (1,3,5,7,9) ඇති අයට පමණි.
අද (17) දිනයේ සිට අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පැමිණෙන මගීන් වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර තිබේ.
පසුගිය බ්‍රහස්පතින්දා ධාවනය කළ ආකාරයෙන්ම සියලුම දුම්රියන් අපි ධාවනය කරවීමට කටයුතු කරලා තියෙනවා. මහනුවර, මහව, රඹුක්කන, හලාවත සහ බෙලිඅත්තේ සිටත් දුම්රිය කිහිපයක් කොළඹ බලා ධාවනය කරවීමට කටයුතු කරලා තියෙනවා. එම දුම්රිය ධාවනය කරන්නේ අත්‍යවශ්‍යම සේවා සඳහා යන නිලධාරීන් සහ සේවකයින් වෙනුවෙන්. එහිදී අපිට අනන්‍යතාව අනාවරණය කරගන්න බැරි වුවහොත් ඊළඟ දුම්රිය ස්ථානයෙන් ඔවුන්ව බැස්සවීමට සිදුවෙනවා. හෙට දුම්රිය 51ක් පමණ ධාවනයවීමට නියමිතයි. සවස් කාලයේදීත් එම දුම්රිය ධාවනය කරනවා.”
මේ අතර රාජකරී කටයුතු සඳහා යන මගී ජනතාව වෙනුවෙන් හෙට දිනයේ සිට බස් රථ ධාවනය සඳහා යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය ද පවසයි.
එහි සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ මගී අවශ්‍යතාව මත ප්‍රමාණවත් තරම් බස් රථ යෙදවීමට සැලසුම් කර ඇති බවය