අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල හැර සෙසු දිස්ත්‍රික්කවලට ඊයේ රාත්‍රී 8ට පැනවූ ඇඳිරි නීතිය අද උදෑසන 5 ට යළි ඉවත් කෙරුණා.
කෙසේ වෙතත්, අදාළ දිස්ත්‍රික්කවලට ලිහිල් කෙරුණු ඇදිරි නීතිය යළි අද රාත්‍රී 8ට බලාත්මක වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
මෙලෙස පැනවෙන ඇඳිරි නීතිය එළඹෙන සඳූදා උදෑසන 5.00 දක්වා බලාත්මක වනු ඇති.
ඒ අනුව හෙට සහ අනිද්දා මෙම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට හෙට ඉවත් කිරීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය මේ මස 27 වන සඳුදා අලුයම 5 දක්වා යළි දීර්ඝ කිරීමට ඊයේ පියවර ගත්තා.
මේ අතර, ඇදිරි නීතිය ඉවත් කර ඇති කාලය තුළ දිස්ත්‍රික් මායිම් හරහා නොයන ලෙසට පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මෙම කාලය තුළ සෑම දිස්ත්‍රික් මායිම් හරහාම ගමන් කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට මාර්ග බාධක යොදා ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා කියා සිටියේ.