poya

අධි වප් පසලොස්වක පොහොය අදට යෙදී තිබෙනවා.

මෙම මාසයට පොහොය දෙකක් යෙදී ඇති අතර එහි පළමු පොහොය දිනය වන අද සැලකෙන්නේ අධි වප් පොහොය ලෙසයි.

අරිට්ඨ මහතෙරුන් ප‍්‍රධාන සංඝරත්නයේ මූලිකත්වයෙන් අනුරාධපුර ථූපාරාමයේදී විනය පිඨකය සංගායනා කළේ ද වප්පුර පසළොස්වක පොහෝදා ය. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි දේවානම්පියතිස්ස රජුගේ රාජ්‍ය අනුග‍්‍රහයෙන් ලංකාවේ භික්ෂුණි සසුන පිහිටුවීම සඳහා භික්ෂුන් වහන්සේලා පිරිසක් ලංකාවට වැඩම කර වීමට දූත පිරිසක් දඹදිව ධර්මාශෝක රජු වෙත පිටත් කර හැරියේ ද අදවන් වප් පුර පොහොය දිනකය.

බුදුන් වහන්සේ තවුතිසා දෙව්ලොවින් දඹදිව සංකස්ස නුවරට වැඩමකර‍වීම සිදු වූයේ ද අද වැනි පොහොය දිනකය.

බෞද්ධයන් වශයෙන් අප සැම ප‍්‍රාර්ථනා කරන නිර්වාණය අවබෝධ කරගැනීම සඳහා අවශ්‍ය මග සකසා ගැනීමට, අප විසින් සිත, කය, වචනය යන තුන් දොර සංවර ගැනීම මෙම අධි වප් පොහොය දිනය අදිටන් කර ගනිමු.

More Stories