අධික මාසික කුලියක් ගෙවමින් වෙනත් ගොඩනැගිලි තුළ පවත්වාගෙන යන රජයේ ආයතන රජයට අයත් ගොඩනැගිලිවලට රැගෙන ඒමට තීරණය කර තිබේ.
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මාසික කුලිය මිලියන 05 ක් සහ වෙළෙඳ අමාත්‍යංශයේ මාසික කුලිය ලක්ෂ 65ක් වන බවයි.
අතුරු සම්මත ගිණුමෙන් වෙන්කරන මුදල් සියල්ලම වියදම් නොකරන බවත් ඉතිරිවන සියලු මුදල් නැවත භාණ්ඩාගාරයට එවීමට කැබිනට් මණ්ඩලය ලෙස තීරණයක් ගෙන ඇති බවත් ඔහු සඳහන් කරයි.