කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමට ලගා විමත් සමග එම ජලාශවල ජලය ජල විදුලිය නිපදවිම සදහා උපරිම ලෙස මුදාහැරිමට එම ජලාශ බාර නිලධාරින් පියවර ගෙන ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අධික වැසි හේතුවෙන් මේ වන විට කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් මේ වන විට පිටාර මට්ටමට ලගා වෙමින් පවතින බවත්ය.

19වන දින උදැසන වන විට මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩියක් පහලින්ද කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි හතරක්ද පහලින් පවතින බවත් එම තත්වයන් මත මෙම ජලාශවල ජලය ජල විදුලිය නිපදවිම සදහා උපරිම ලෙස මුදාහැරිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා පැවසිය.

මෙයට අමතරව ලක්ෂපාන ජලාශයේ ජල මට්ටමද පිටාර මට්ටමට ලගා වෙමින් පවතින බවත් කැනියන් ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට පැමිනිමත් සමග එහි වාන් දොරටු දෙක අගල් තුන බැගින් විවෘත කිරිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

නුවරඑළිය දිස්ත්‍රික්කයට පවතින වැසි තත්වයන් හේතුවෙන් මෙම දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල පස් කදු කඩා වැටිමේ අවදානමක් පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක එච්. එම්. එම්. බි. බණ්බාර මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු බණ්ඩාර මහතා පවසන ලද්දේ මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්යට පවතින අධික වැසි හේතුවෙන් මෙම දිස්ත්‍රිකය තුල පස් කදු කඩා වැටිමේ දැඩි අවදාමක් පවතින බවත්ය.

එම තත්වයන් මත විවිධ අනතුරු ඇතිවිමේ අවදානමක් පවතින බවත් මෙම තත්වයන් පිලිබදව දැඩි අවදානයෙන් පසු වන ලෙස කදු පාමුල ජිවත් වන පිරිස්වලින් ඉල්ලා සිටින බවත්ය.

පවතින වැසි තත්වයන් හේතුවෙන් කදපොල සිට කොන්කොඩියා වතුයාය හරහා රාගල ප්‍රදේශයට ගමන් ගන්නා මාර්ගයේ කොන්කොඩියා වතුයාය මාර්ගයේ කොටසක් නාය යාමත් සමග එම මාර්ගය 18වන දින සවස සිට වසා දැමිමට පියවර ගත් බවද බණ්ඩාර මහතා පැවසිය.
එමෙන්ම මෙම දිනවලදි නුවරඑළිය දිස්ත්‍රික්කය තුල පවතින අයහපත් කාලගුණික තත්වයන් මත මෙම දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල විටින් විට මාර්ග නොපෙනි යන අකාරයෙන් දැඩි මීදුම් තත්වයන් පවතින බවත් එම තත්වයන් පිලිබදවද දැඩි අවදානයක් යොමු කර තම රථ වාහන ඉතාමත් කල්පනාකාරිව ධාවනය කරවන ලෙස සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩි දුරටත් පැවසිය.

මස්කෙළිය පොලිස් බල ප්‍රදේශයේ 320/ජේ ඔල්ටන් ග්‍රාම නිලධාරි වසමට අයත් ‍ෆෙයාලෝන් වතුයායේ පවතින නායයාමේ අවදානමක් මත එම ස්ථානයේ නිවාස හතරක පුද්ගලයන්ට එම ස්ථානවලින් ඉවත් කිරිමට එම ග්‍රාම නිලධාරිනිය විසින් පියවර ගෙන ඇත.

එම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ග්‍රාම නිලධාරිනි මලර්විලි මහත්මිය පවසන ලද්දේ ප්‍රදේශයට පවතින අධික වැසි තත්වයන් මත ෆෙයාලෝන් වතුයායේ නිවාස හතරක් නායයාමේ අවදානමකට ලක්ව ඇති හෙයින් එම නිවාසවල පදිංචි 17 දෙනකු එම නිවාසවලින් ඉවත් කිරිමට පියවර ගත් බවත්ය.

ඒ අනුව එම නිවාසවල පදිංචිකරුවන් එම නිවාසවලින් ඉවත්ව  ඔවුන්ගේ ඥති නිවාසවලට පිටත්ව ගොස් ඇති බවද එම මහත්මිය වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts