coronadeath

පවතින කොවිඩ් වසංගත තත්වයන් හමුවේ සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිලිපදිමින් අනවශ්‍ය ගමන් යාමෙන් වලකින්න ලෙසත් නිවසින් පිටව යන විට මුඛ ආවරණ දෙකක් බාවිතයට ගන්නා ලෙසත් හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

හැටන් නගර සභාවේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩි දුරටත් කරුනු දැක්වු බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ මේ වන විට කොවිඩ් වසංගත තත්වයන් දැඩි ලෙස පැතිර යන බවත් මෙම තත්වයන් මත මෙම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව රැක ගැනිමට සියලුම දෙනාගේ සහය අවශ්‍ය බවත්ය.

පවතින කොවිඩ් වසංගත තත්වයන් හමුවේ නගර සභාව මගින් ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සදහා ගත හැකි සැම ක්‍රියා මාර්ගයක්ම ගන්නා බවත් එහෙත් මෙම වසංගත තත්වයෙන් ප්‍රදේශයේ ජනතාව බේරා  ගැනිම සදහා සියලුම දෙනාගේ සහායෝගය මෙන්ම කැපවිමද අවශ්‍ය බවත්ය.

එම තත්වයන් මත ප්‍රදේශයේ ජනතාව නිකරුනේ විවිධ ස්ථානවල ගැවසිමෙන් වැලකිය යුතු බවත් තම නිවෙස්වලට අවශ්‍ය බඩු භාන්ඩ ලබා ගැනිම සදහා නිවසකින් එක් අයකු පමනක් පැමිනිම සැහෙන බවත් සමහර පිරිස් තම කුඩා දරුවන්ද රැගෙන නගරයට නිකරුනේ පැමිනෙන අකාරයක් දැක ගත හැකි බවත් මෙම තත්වයන් මත කුඩා දරුවන්ට මෙම  කොවිඩ් ආසාදනය විමට හැකි ඉඩ කඩ වැඩි බැවින් කුඩා දරුවන් රැගෙන නගරයට නිකරුනේ පැමිනිමෙන් වලකින ලෙසට ඉල්ලා සිටින බවද ඔහු පවසන ලදි.

එමෙන්ම නගරයේ පවත්වා ගෙන යනු ලබන වෙලද සැල්වලට වැඩි පුර පාරිභෝගිකයන් රදවා ගැනිමෙන් වලකින ලෙස එම ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවත් වීශේෂයෙන් මත් පැන්හල්වලින් මත් පැන් අලෙවි කිරිමෙදි මත් පැන් බෝතල කඩා විකිනිමෙන් වලකින ලෙස ඉල්ලා සිටින බවද පවසන ලදි.

මෙම කොවිඩ් උවදුරින් බේරිම සදහා අප සියලුම දෙනා එකට එක්ව කටයුතු කල යුතු බවත් අප සියලුම දෙනා සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිලිපදින්නේ නම් මෙම ප්‍රදේශය කොවිඩ් උවදුරින් බේරා ගැනිමට හැකි බවත් ඒ සදහා සියලුම දෙනා එකට එක්වන ලෙස නැවත ඉල්ලා සිටින බද ඔහු තව දුරටත් පවසන ලදි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිත සමස්ථ මරණ සංඛ්‍යාව 23 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

12වන දින උදැසන ලැබුන අලුත්ම වාර්ථා මත මෙම මරණ සංඛ්‍යාව මෙසේ ඉහල ගොස් ඇති බවත් 12වන දින උදැසන වන විට තවත් කොවිඩ් ආසාදිතයන් 91  දෙනකු වාර්ථාවි ඇති බවත් එයින් වැඩිම පිරිස වන ආසාදිතයන් 75 දෙනකු කොත්මලේ සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන්ද,බගවන්තලාව 02ක්, හගුරන්කෙත 01ක්, ලිදුල 02ක්, මස්කෙළිය 01ක්, නුවරඑළිය 08ක්, රාගල 01ක්, වලපනේ 01ක්, වශයෙන් වාර්ථාවි ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

මෙසේ හමුවු නව ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානයට ලක් කර ඔවුන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පසු ගිය දිනවල ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂනවල වාර්ථා ලැබිමට තිබෙන බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts