desabandu

අපරාධකරුවන් සම්බන්ධ තොරතුරුවලින් සමන්විත නිවැරදි දත්ත පද්ධතියක් පොලිසිය සතුව නොතිබීම හේතුවෙන් මෙරට අපරාධ ඉහළ යාමේ තත්ත්වයක් මතුව ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ (6) පැවසීය.

පහුගිය අවුරුදු 10ක කාලයක් තුළ රටේ සිදුවුණු සෑම සංවිධානාත්මක අපරාධයක ම, ඒවාට සම්බන්ධ සෑම පුද්ගලයෙකුගේ ම සම්පූර්ණ ජීව දත්ත විස්තර අඩංගු දත්ත පද්ධතියක් අවශ්‍ය බව ත් එවන් දත්ත පද්ධතියක් පවතින්නේ නම් අපරාධකරුවන් සම්බන්ධයෙන් අවධානය දිය හැකි බව ත් හෙතෙම කීය.

මේ වන විට පොලිසිය සතුව පවතින දත්ත පද්ධතියක් පවතින නමුත් එහි යම් යම් අඩුපාඩු පවතින බව ත් මෙහි පවතින ගැටලු හේතුවෙන් අපරාධකරුවන් පොලිස් පරිපාලනයෙන් සැඟවී සිටින බව ත් ඔහු සඳහන් කළේ ය.

Similar Posts