Kandy garbage

සිරි දළදා වන්දනාව පැවති දින 10 තුළදී කසල ටොන් 600ක් ඉතා අවිධිමත් ලෙස බැහැර කර තිබුණු බව මහනුවර මහ නගර සභාවේ ජ ඝන අපද්‍රව්‍ය ඒකකයේ ප්‍රධානී නාමල් ධම්මික දිසානායක මහතා පවසයි.

ඒ අතර ප්ලාස්ටික් හිස් වතුර බෝතල් ලක්ෂ 35ක් තිබී ඇත.

ඇතැම් පිරිස් පොලිතීන් බෑග්වලට මළ මූත්‍ර පහ කර දමා ගොස් තිබියදී හමු විය.

සැලසුමකින් තොරව, රැස්වන ජනයා දැඩි අපහසුතාවකට පත්වන පරිදි පවත්වන ලද මෙවර දළදා දැක්ම නිසා කසල බැහැර කිරීමේ ගැටලුව උග්‍ර වූ බව ඇත්තකි. එහෙත්, මේ අන්දමින් තැන තැන ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු කසල බැහැර කිරීම වන්දනාකරුවන්ගේ සාමාන්‍ය ලක්ෂණයකි. ඔවුන් කෑම කන පොදු තැන්වල ඉඳුල් සහ ප්ලාස්ටික්, පොලිතීන් බැහැර කර යාම බොහෝ විට දැකිය හැකිය. විශේෂයෙන් වන්දනාවේ යෙදෙන ගැමියන් අතර මෙම නරක පුරුද්ද සුලබය.

ඔවුන් තුළ යහපත් ආකල්ප ඇති කිරීමේ වගකීමක් ආගමික නායකයන්ට ද තිබේ. එසේම, වන්දනා කරන තැන්වල කසල බැහැර කිරීමේ විධිමත් ක්‍රම හා ඒ පිළිබඳ දැනුම් දෙන දැන්වීම් පුවරු අතිශය වැදගත්ය.

ලාංකිකයන්ට වැසිකිළි භාවිතය ගැන ඉගැන්වීම ද අතිශය වැදගත්ය. හේතුව, පොදු වැසිකිළි භාවිතය අතිශය අපිරිසිදු ආකාරයෙන් සිදු කිරීමයි. පොදු වැසිකිළි පිරිසිදු කිරීම හරියට නොකිරීම පිළිබඳ ගැටලුවක් ද තිබේ. එහෙත්, වන්දනාකරුවන් මෙන්ම මගීන් ද, තවත් බොහෝ සමාජ කොටස් ද වගකීමකින් යුතුව වැසිකිළි භාවිතා කිරීම හා කසල බැහැර කිරීම සිදුකරන්නේ නැත.

නීති පමණක් ප්‍රමාණවත් නැත. සංස්කෘතික වෙනසක් ද අවශ්‍යය.

– අජිත් පැරකුම් ජයසිංහ, www.praja.lk 

More Stories