nortan-bij

මෙවර ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ කිරිමට පෙර අබලන් තත්වයේ පවතින දියගල නොර්ටන් බ්‍රිජ් මාර්ගය නවිකරන කර ගැනිම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවදානය යොමුවි ඇති බව මස්කෙළිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කේ. කේ. පියදාස මහතා පවසයි.

මස්කෙළිය මැතිවරණ බල ප්‍රදේශයේ ඉදිරි සංවර්ධන කටයුතු පිලිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩි දුරටත් කරුනු දැක්වු කේ. කේ. පියදාස මහතා මෙසේද පවසන ලදි.
දියගල නොර්ටන් බ්‍රිජ් මාර්ග කොටස මේ වන විට අබලන් තත්වයේ පැවතිමත් සමග එම මාර්ගයේ විවිධ අනතුරු සිදුවන අතර ශ්‍රිපාද වන්දනා සමයන් තුලදි මෙම අනතුරු ඉහල යමින් පවතිනවා.

ගෙවි ගිය ශ්‍රිපාද වන්දනා සමය තුලදිද මෙම මාර්ගයේ බස් රථයක් පෙරලිමෙන් වටිනා ජිවිත දෙක තුනක් අහිමිවුනා එම තත්වයන් පිලිබදව අවදානය යොමු කර මෙම මාර්ගය මෙවර ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ කිරිමට පෙර නවිකරනය කිරිම පිලිබදව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව තිබෙනවා මේ පිලිබදව තමන්ද මහා මාර්ග ඇමතිවරයාගේ අවධානයද යොමු කර තිබෙනවා.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මස්කෙළිය මැතිවරණ බල ප්‍රදේශයේ බගවන්තලාව ප්‍රදේශයේ ගෝල්ෆ් ක්‍රිඩා පිටියක් ඉදි කිරිමටත් මේ වන විට අතර මග නතරව ඇති බගවන්තලාව මාර්ගය නවිකරනය කිරිමේ කටයුතු නැවත ආරම්භ කිරිමටත් සැලසුම් කර තිබෙනවා.

මෙයට අමතරව මස්කෙළිය ආසනයේ තවත් සංවර්ධන කටයුතු කිපයක්ම සිදු කිරිමට සැලසුම් කර තිබෙන අතර එම සංවර්ධන සැලසුම් තුලින් ඉදිරියේදි මෙම ප්‍රදේශයන්වල ජනතාවගේ ජිවන රටාවන්ද වඩාත් ශක්තිමත් කිරිමට හැකි වන බව විශ්වාසයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts