අද සිට ‘අම්පන්’ සුළි කුණාටුව මගින් දිවයිනේ කාලගුණය කෙරෙහි වන බලපෑම අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසයි.
දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් නුවරඑළිය, කළුතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකිවේ.
ආපදා තත්ත්වයෙන් පුද්ගලයින් 7000 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, අධික වර්ෂාවත් සමග පැවති ආපදා තත්ත්වයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බවයි.