weather

ඉදිරි පැය 6 තුළ දී “අම්ෆන්” සුළි කුණාටුව අතිශයින්ම චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශය ආශ‍්‍රිතව පැවති අම්ෆන් සුළි කුණාටුව, චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනයවී ත‍්‍රිකුණාමලයට ඊසාන දෙසින් ස්ථානගතව පවතින අතර, මෙම පද්ධතිය ඉදිරි පැය 6 තුලදී ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා.

දිවයින හරහා සුළගේ වේගය පැ.කි.මී. 60 ක් දක්වා වේගවත් විය හැකි බවද කාලගුණ නිවේදනයේ දැක්විය.

දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එහි සදහන්.

Similar Posts