මධ්‍යම කදුකරය තුල පවතින අයහපත් කාලගුණික තත්වයන් මත හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඉවුරු කඩා වැටිමේ අවධානමකට ලක්ව ඇති ස්ථානවල පවුල් පහක් එම ස්ථානවලින් ඉවත් කිරිමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන සහකාර අධ්‍යක්ෂ එච්. එම්. එම්. බී. බණ්ඩාර මහතා පැවසිය.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු බණ්ඩාර මහතා පවසන ලද්දේ මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්ය තුල පවතින අයහපත් කාලගුණික තත්වයන් මත ඉවුරු කඩා වැටිමේ අවදානමක් පවතින ස්ථානවල පවුල් පහක් එම  ස්ථානවලින් ඉවත් කර එහි පදිංචිකරුවන් ඔවුන්ගේ ඥති නිවෙස්වලට යැවිමට පියවර ගත් බවත්ය.

එමෙන්ම මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ වීශේෂයෙන් හැටන් කොළඹ මාර්ගයේ වටවල, කැරලයිනා, දියගල, කඩවල, ගිනිගත්හේන ප්‍රදේශවල මෙන්ම හැටන් නුවරඑළිය මාර්ගයේ කොටගල, පතන දිඹුල, ලිදුල, රදැල්ල, නානුඔය, නුවරඑළිය යන ප්‍රදේශවල විටින් විට දැඩි මීදුම් තත්වයන් පවතින බැවින් විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් පවතින බවත්ය.

බොහෝ අවස්ථාවලදි මාර්ග නොපෙනි යන ආකාරයෙන් ඝන මීදුම් තත්වයන් මෙම ප්‍රදේශයන් තුල පවතින බවත් එම තත්වයන් පිලිබදව දැඩි අවදානයක් යොමු කර තම රථ වාහනවල ඉදිරි පස ලාම්පු දල්වා කල්පනාකාරිව තම රථ වාහන ධාවනය කර විමට පියවර ගන්නා ලෙස සියළුම  රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද බණ්ඩාර මහතා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts