මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන් තුල පවතින අයහපත් කාළගුණික තත්වයන් මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ හතරක් හා අතුරු දහන්විම් තුනක් සමග පවුල් 426ක සමාජිකයන් 1570 දෙනකු අවතැන්ව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි.
මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු නන්දන ගලබඩ මහතා පවසන ලද්දේ මෙම අයහපත් කළගුණික තත්වයන් මත එක් නිවසක් පුර්ණ වශයෙන් හානියට පත්ව ඇති බවත් තවත් නිවාස 287කට අර්ධ හානි සිදුව ඇති බවත්ය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, කොත්මලේ, අඹගමුව යන ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශ තුල මෙම හානි සිදුව ඇති බවත් පවතින වැසි හේතුවෙන් හැටන් නුවරඑළිය මාර්ගයේ බැලැක්පුල් ප්‍රදේශයේ හා මස්කෙළිය නල්ලතන්නිය මාර්ගයේ පස් කදු කඩා වැටිමෙන් එම මාර්ගවල රථ වාහන ධාවන කටයුතු ඇනහිටි ඇති බවද ඔහු පවසන ලදි.
එමෙන්ම පස් කදු කඩා වැටිමෙන් අවහිරවු හැටන් කොළඹ හා දියගල නෝර්ටන් මාර්ග මේ වන විට යථා තත්වයන්ට පත් කර ඇති බවත් ඉංදිය ආධාර යටතේ සහාල් ක්‍රිලෝ 25000ක් ලැබි ඇති බවත් එම සහාල් අවතැන්වු පිරිස් සදහා බේදා දිමට පියවර ගන්නා බවත් නන්දන ගලබඩ මහතා වැඩි දුරටත් පැවසිය.
මේ අතර හැටන් පැන්මුර් ජලාශට ජලය සැපයෙන ඇල මාර්ගයට ඇද වැටි අතුරුදහන්වු තරුණයාගේ මල සිරුර 03වන දින නාවුක හමුදාවේ නිලධාරින් විසින් කරන ලද මෙහෙයුමකදි සොයා ගැනිමට හැකි විය.
හැටන් ඇබොස්ලි වතුයායේ පදිංචි බි.මයිකල් අවුරුදු 24 යන අය 02වන දින හැටන් නගරයට පැමින නැවත සිය නිවස බලා ගමන් කරන විටදි පැන්මුර් ජලාශයට ජලය සැපයෙන ඇල මාර්ගයට වැටි අතුරු දහන් විය.
පසුව මෙම පුද්ගලයා සෙවිමේ කටයුතු හැටන් පොලිසිය සිදු කලද එම පුද්ගලයා සොයා ගැනිමට නොහැකි විමෙන් මේ පිලිබදව නාවුක හමුදාවට දැනුම් දිමෙන් පසු තලාතුඔය නාවුක හමුදා කදවුරේ නිලධාරින් පැමින පැන්මුර් ජලාශය සෝදිසි කිරිමේදි එකි තරුණයාගේ මල සිරුර සොයා ගැවිමට හැකි විය.
මෙසේ හමුවු මල සිරුර පශ්චාත් මරණ පරික්ෂා කිරිම සදහා දික්ඔය ග්ලැන්කන් රෝහල වෙත රැගෙන යාමට පියවර ගත් බව හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා