රට තුළ පවතින ආර්ථික, දේශපාලනික හා සමාජයීය අර්බුදයන් හමුවේ මෙවර මැයි දින සැමරුම් වෙනස් මුහුණුවරකින් පැවැත්වීමට දේශපාලන පක්ෂ තීරණය කර තිබෙනවා. ශ්රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති එකුමුතුව විසින් සංවිධාන කරන මැයි රැළිය පැවැත්වෙන්නේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය පිහිටා ඇති පරිශ්රයේයි.
ලංකා සමසමාජ පක්ෂය, ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්රජාතන්ත්රවාදී වාමාංෂික පෙරමුණ, ශ්රී ලංකා මහජන පක්ෂය සහ සමස්ථ ලංකා ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය එක්ව පවත්වන මැයි පෙළපාලිය කොම්පඤ්ඤවීදිය, ඩි මෙල් පිටිය අසලින් පස්වරු 02 ට ආරම්භ වීමට නියමිතයි.
සමගි ජන බලවේගයේ මැයි දින සැමරුම නිදහස් චතුරස්රයේදී පැවැත්වීමට නියමිතයි.