කොරෝනා වෛරස ව්‍යාප්ත වීමේ ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ති‍්‍රක්කවලට දැනට කි‍්‍රයාත්මක ඇඳිරි නීතිය නැවත දන්වන තුරු අඛණ්ඩව කි‍්‍රයාත්මකයි.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිස ඇඳිරි නීතිය පැනවීම ඇතුළු කි‍්‍රයාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ යහපත වෙනුවෙන් බවත්, එබැවින් ඇඳිරි නීතිය පැනවීම නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින ලෙසත් රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම අලූත් අවුරුදු සමය තුළ චාරිත්‍ර – වාරිත්‍ර සහ පුද්ගල සබඳතා පවුලේ සාමාජිකයන්ට පමණක් සීමා කරන ලෙස ද රජය අවධාරණය කරනවා.