හැටන් නගරය තුල පවතින ගෑස් හිගය උග්‍ර විමත් සමග අලෙවි සැල්වල ගෑස් නැතිවුවද ගෑස් ලබා ගැනිම සදහා 06වන දින අළුයම සිටම විශාල පිරිසක් ගැස් අලෙවි නියෝජිත වෙලදසැල අසල රැදි සිට ගෑස් නොමැති විමෙන් එම පිරිසට  හිස් අතින් නිවෙස් වෙත යාමට සිදුව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු කිප දෙනකුම පවසන ලද්දේ ගෑස් නොමැති විමෙන් මේ වන විට තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් අද දිනයේ ගෑස් එනු ඇතැයි බලාපොරෝත්තුවෙන් අළුයම 4.00 සිට පොලීමේ රැදි සිටින බවත්ය.

එහෙත් අද දිනයේද ගෑස් නොලැබිමත් සමග හිස් අතින් නිවෙස් වෙත යාමට සිදුවු බවත් මෙයට පෙරද දින කිපයක්ම මෙසේ අළුයම සිට පොලිමේ රැදි සිට හිස් අතින් නැවත නිවෙස් වෙත යාමට සිදුවු බවද ඔවුන් තව දුරටත් පවසන ලදි.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් නගරයේ ගෑස් අලෙවි නියෝජිතයකු පවසන ලද්දේ ගෑස් ලැබිමට තවත් දින කිපයක් ගතවිය හැකි බවත්ය.

 

මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts