bus

ඉන්ධන මිල ඉහල දැමීම හමුවේ ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 35% කින් ඉහළ දැමිණ.

ඒ අනුව රුපියල් 20 ක් ලෙස පැවති අවම බස් ගාස්තුව රුපියල් 27 දක්වා ඉහළ ගියේ ය.

පාසල් ළමුන් ප්‍රවාහන කටයුතුවලින් අද දිනයේ ඉවත් වන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන කරන්නන්ගේ සංගමය පවසයි.

මේ අතර තිරිඟු පිටි මිල සහ ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ ග්‍රැම් 450 පාන් ගෙඩියක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 30 කින් ඉහළ දැමු බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ ය.

More Stories