mathiwarana komisin sabawa

2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතුයි.

හෙටට යෙදි ඇති පොහොය දිනයේ ආගමික කටයුතු සඳහා බාධා එල්ල වීමට ඇති හැකියාව, මැතිවරණ රාජකාරී ආරම්භ කිරීම වැනි කරුණු කිහිපයක් මත පදනම්වයි අද මැදියම් රැයෙන් පසුව ප්‍රචාරණ කටයුතු නතර කළ යුතු බවට මැතිවරණ කොමිෂම උපදෙස් ලබාදුන්නේ.

ගෙයින් ගෙට යෑම, ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම, වතු රැස්වීම් හෝ නිවාස තුළ රැස්වීම් පැවැත්වීම, අත් පත්‍රිකා බෙදීම, නියෝජිත ශාඛා කාර්යාලවල ප්‍රචාරණ පුවරු ප්‍රදර්ශනය කිරීම, පෝස්ටර්, දැන්විම්, බැනර් ප්‍රදර්ශනය කිරීම යන සියළු කාරණා අද මැදියම් රැයෙන් පසුව සැලකෙන්නේ තහනම් ක්‍රියාවන් ලෙසයි.

මැතිවරණ නීති උල්ලංඝණය කරමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරතවන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා බව පොලිසිය පවසනවා.

ඒ වෙනුවෙන් අද මධ්‍යම රාත්‍රියෙන් පසුව දිවයිනම ආවරණ වන පරිදි විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.

අවශ්‍ය ස්ථානවල පොලිස් මුරපොල ඵීහිටුවීමටද මේ වන විට පියවර ගෙන තිබෙනවා.

More Stories