වසර ගණනාවක් තිස්සේ කොවිඩ් 19 රෝගයෙන් පීඩා විදින රෝගීන්ට ප්‍රතිකාර ලබාදි මුළු රටම මසක් තුළ සුවපත් කළ හැකි බව කියමින් පාරම්පරික වෛද්‍ය නිහාල් සිසිර කුමාර මහතා අවසර දෙනවාද යනුවෙන් පවසමින් ඊයේ (25දා) උදෑසන උතුරු මැද පළාත් සභා වටරවුම ඉදිරිපිටටවී මාධ්‍ය මගින් බලධාරින් දැනුම්වත් කළේය.
අනුරාධපුර අභය පෙදෙස මහ නගර සභා නිවාස සංකීර්ණයේ පදිංචි දේශිය වෛද්‍ය නිහාල් සිසිර කුමාර මහතා කොවිඩ් 19 ව්‍යසනය සමග අවස්ථා කිහිපයකදීම තමන්ට ඒ සදහා සාර්ථක ප්‍රතිකාර සිදුකළ හැකි බව මාධ්‍ය මගින් අනාවරනය කළේය.
මසක් ඇතුලත මේ ව්‍යසනය අවසන් කර දෙන්නම් අවසර දෙනවාද යනුවෙන් සදහන් බැනරය සහිතව ඒ මහතා තමන්ට රෝගයට මුහුණ දිය හැකි බව පැවසුවේය.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු වෛද්‍ය නිහාල් සිසිර කුමාර මහතා.මට මේ රෝගය සුවකර දෙන්න පුළුවන්.මම පහුගිය කාළය පුරාම කොවිඩ් 19 රෝගය හෙළ ඔසු මගින් සුවකළ හැකි බව බලධාරින්ට දැන්වූවා.
දැන් මේ තත්වය ඉතාම බැරැරූම් තත්වයකට පත්වෙලා.මිනිස්සු ඇවිදගෙන යනකොට මැරිලා වැටෙන තත්වයට පත්වෙලා රට දරුණු අගාධයකට පත්වෙලා තියනවා.මිනිස් ජීවිත රැකගන්න මට ඉදිරිපත් වෙන්න පුළුවන්.
මේ තත්වයෙන් රට හා රටේ ජනතාව මුදවා ගන්න පුළුවන් කියන දැඩි විශ්වාසය මා සතුව තිබෙනවා.කොවිඩ් 19 රෝගයට ලබාදිය යුතු බලගතු ඖෂධ මා සතුවා තිබෙනවා.දින දහයකින් මේ රෝගය සම්පූර්ණයෙන් සුවපත් කරන්න පුළුවන්.
ඒ නිසා සියළුම දෙනා අතට මේ ඖෂධය පත්කරලා ඔවුන්ට සුවය ලබා දෙන්න හැකියාව තියනවා.මගේ කාලය මාස එකයි.මාසයක් ඇතුලත මේ රට තිබෙන ව්‍යසනකාරි තත්වයෙන් අනිවාර්යෙන් ගොඩ ගන්න පුළුවන් කියන විශ්වාශය මට තියනවා.ඒ සදහා අවශ්‍ය ඖෂධ හා සහයෝගය ලබා දෙන්න මම ඒක කරලා පෙන්වන්නම්.
මේ වනවිට මුළු ලෝකයම බියකරු තත්වයකට පත්වෙලා තියෙන්නේ.අයූර්වේදයේ මේ සදහා අවශ්‍ය බෙහෙත් වර්ග හා ක්‍රම තියනවා.මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා ඔබතුමා තමයි මේ තත්වය සමග ගැටළු වලට මුහුණ පාන්නේ.
මොකද ඔබතුමා තමයි මේ ජනතාව රැකබලා ගන්නේ ඔබතුමා තමයි මේ ජනතාවට වග කියන ප්‍රධාන නියමුවා.මේ නවීන විද්යාණූකූල තත්වය තුල පවා මේක පාලනය කර ගන්න බැරි බවක් ඇති වෙලා තියනවා.
මම දැනට රෝගයට ලක්ව නිරෝධායනයවූ බොහොම අසීරු තත්වයෙන් මරණා සන්නව සිටි රෝගීන් බෙහෙත් වට්ටෝරූ ලබාදීලා තියනවා.ඔවුන් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා තිබෙනවා.ඔවුන්ට මගේ ඖෂධ තුළින් ලැබුණු ප්‍රතිපල පිළිබදව සාක්ෂි සහිතව ඔප්පු කිරිමේ හැකියාව මා සතුව තිබෙනවා.පරික්ෂණ සිදුකර කර ඉන්න වෙළාවක් නෑ.අපේ ජනතාවගේ දිවිරැක ගැනීම තමයි දැන් තියෙන්නේ.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් දැනුම්වත් කිරීම් ඇතුළු බලධාරින් දැනුම්වත් කිරීම් සිදුකළත් ඊට ප්‍රතිචාර නොලැබීම හා රට තුළ දරුණු වසංගත තත්වයක් ඇතිවීම නිසා තමන් නැවතත් මෙම ඉල්ලීම රටේ බලධාරින්ගෙන් ඉල්ලන්නේ යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.
අනුරාධපුර – මහේෂ් විජේසූරිය