අස්වැසුම දෙවැනි අදියරට අදාළ තොරතුරු සංගණන කටයුතු අතරමග නතර කර ඇතැයි අනාවරණය වේ.

අස්වැසුම දෙවැනි අදියර සදහා ලැබුණු ඉල්ලුම්පත් 450,000කට අධික ප්‍රමාණයට අදාළ තොරතුරු සංගණන කටයුතු අද (31 වැනිදා) දිනයෙන් අවසන්වීමට නියමිතව තිබුණි.

මෙම සංගණනයෙන් අනතුරුව අස්වැසුම දෙවන අදියර යටතේ ප්‍රතිලාභීන් ලක්ෂ හතරකට ආසන්න සංඛ්‍යාවක් තෝරා ගැනීමට නියමිත විය. කෙසේ නමුත් දැනට දින දෙකක පමණ සිට මෙම සංගණන කටයුතු නතර කර ඇතැයි අනාවරණය වේ.

මේ සම්බන්ධයෙන් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්නගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ මෙම සංගණන කටයුතු දිගටම සිදු කිරීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවෙන් විමසීමක් සිදුකර තිබෙන බවය.

මෙම සංගණනය දේශපාලඥයන් මැදිහත් නොවී නිලධාරීන් විසින් කරන කටයුත්තක් නිසා එය මැතිවරණ සමයේදී ද කරගෙන යාමට අනුමැතිය ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දුන් බව ද සභාපතිවරයා පැවැසීය.

Similar Posts