නිරිත දිග මෝසම් වැසි සක්‍රීය වීමත් සමග සිදුවූ ආපදා හේතුවෙන් මරණ 15 ක් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඉකුත් මැයි මස 15 වැනිදා සිට ඊයේ (02) දක්වා වූ දින 19 ක කාලය තුළදී මෙම මරණ වාර්තා වේ. කොළඹ, ගාල්ල, රත්නපුර, පුත්තලම, නුවරඑළිය, බදුල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලින් මෙම මරණ වාර්තා වේ. මරණ අතරින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ආපදා හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 04 කි. පුත්තලම සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් මරණ තුන බැගින් වාර්තාවේ.
මෙම මරණ අතරින් හයක්ම සිදුවී ඇත්තේ ඉකුත් පැය 24 ක කාලය තුළදීය. එනම් ඊයේ (02) දිනය තුළදීය.
මෙම මරණ අවිස්සාවේල්ල සහ මුලටියන යන ප්‍රදේශවලින් වාර්තා වේ. අවිස්සාවේල්ල ප්‍රදේශයේදී පස් කණ්ඩියක් කඩාවැටීමෙන් 11 හැවිරිදි දැරියක්ද, මුලටියන ප්‍රදේශයේ පස් කණ්ඩියක් කඩා වැටීමෙන් 20 හැවිරිදි සහ 27 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකුද මියගොස් ඇත. අවිස්සාවේල්ල ප්‍රදේශයේ ජලයේ ගසාගෙන යාමෙන් 78 හැවිරිදි පුද්ගලයෙකු, 29 හැවිරිදි කාන්තාවක් සහ හත් හැවිරිදි දැරියක් මියගොස් ඇත.