පවතින කොරෝනා ගෝලිය වසංගත තත්වයත් සමග සියළුම කටයුතු ආපස්සට යවන්න බෑ.ඒ නිසා රටේ කටයුතු නැවත ජනපති නියමයෙන් ආරම්භ වෙමින් පවතිනවා. ජනාධිපතිතුමන් හා අග්‍රාමාත්‍යතුමන් උපදෙස්මත 2328 වන රාජ්‍ය පොසොන් උත්සවය ආරෝග්‍යා පරමාලාභ යන තේමාව යටතේ පැවත්විමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බව මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමිපානන් පැවසුහ.

උන්වහන්සේ මේබව අනුශාෂනාකර සිටියේ ආරෝග්‍යා පරමලාභා තේමාව මුල්කර ගනිමින් පැවත්වෙන 2328 වන මිහිදුමාහිමි ලංකාගමනය සිහිපත් කරමින් පැවත්වෙන රාජ්‍ය පොසොන් උත්සවයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මිහින්තලය මැදමළුවේ පැවති පොසොන් කමිටු රැස්විමේදිය.

පොසොන් කමිටු රැස්වීමට එක්වෙමින් වැඩිදුරටත් අනුශාෂන කල නාහිමිපානන්.1989 වසරේ රටේ දකුණේ භිෂණ සමය උතුරේ ඊලාම් යුද්ධය.බස් ගිනිතියලා ට්‍රාන්ෆෝමර් ගිනිතිබමින් ජේ.වී.පී සහෝදරයෝ එදා රටේ සම්පත් ඔක්කමෙ විනාශකරා.ඒත් එදාත් පොසොන් පිංකම රූපවාහිනි වලින් පෙන්නුවා‍.මේ රටවෙලා ගත්ත එල්.ටී.ටී.ඊ යුද සමයේදීත් පොසොන් මහා පිංකම පවත්වලා තියනවා.හැකි ආකාරයෙන් මිහිදුමාහිපානන් සිහිපත්කරලා සියළුම වතාවත් සිදුකරලා තියනවා.

බුද්ධි අංශවලට තොරතුරු එනවා පොසොන් උත්සවයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් එල්ලවෙනවා කියලා.නමුත් කිසිම පොසොන් උත්සවයකදි ත්‍රස්තයන්ට එවැනි හානියක් සිදුකරන්න හැකියාවක් ලැබුණේනෑ.දැන් ගෝලිය වසංගයක් ඇතිවෙලා තියනවා ජනාධිපතිතුමා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවෙදි කිවුවා මේ වසංගත තත්වය නිසා අපිට රටේ හැමදෙයක්ම අඩපන කරන්න බෑ කියලා.ආගමික සංස්කෘතික කටයුතු නවත්වන්න බෑ.අපි එම උත්සව පවත්වන්න ඕන.

පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වන් ඕන කියලා එතුමන්ලා කිවුවා.ජනාධිපතිතුමන් අපේ රටට පහලවු කොන්දක් තිබෙන නායකයෙක්.එතුමා නියමාකාරයෙන් තීන්දු තීරණ ගන්නවා.පසුගිය 2017 වසරේ හිටපු ආණ්ඩුව පොසොන් පිංකම්වලට කිසිදු අනුග්‍රහයක් දුන්නේනෑ.අඩුම තරමේ මේ පිංකම් රටේ මිනිස්සුන්ට විකාශය කරන්න ජාතික රූපවාහිනය මාධ්‍ය ආවරණය ලබාදුන්නේ නෑ.

මිහිදු මාහිමිපානන් වහන්සේ වැඩමවලා වසර 2328 නිමිතිකරගෙන රාජ්‍ය මහා පොසොන් පිංකම මෙවර මිහින්තලා රජමහා විහාරය මුල්කරගෙන අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අග්‍රාමත්‍ය මහහින්ද රජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් හතර පහ හය යන දිනයන් මුල්කරගෙන උත්සව පැවත්වෙනවා.

විශේෂයෙන්ම රජය ලබාදෙන උපදෙස් මෙන්ම සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ ලබාදෙන උපදෙස් මතතමයි මහා රාජ්‍ය උත්සවය පවත්වන්නේ.අපි සෞඛ්‍ය අංශවලට වගේම ත්‍රිවිධ හමුදාවේ විරෝධාර සේනාධිපතිවරුන්ට පොලිසියේ උසස් නිලධාරින් සිදුකරන මෙහෙය මේ අවස්ථාවෙත් අගය කරන්න ඕන.

සීල සමදාන ධර්ම දේශනා ධර්ම සාකච්චා මාධ්‍ය මගින් විකාශනය කරනවා.දිස්ත්‍රික්කයේ අයට පුංචි දරුවන් අරගෙන එන්න එපා කියලා සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ උපදෙස් ලබාදෙනවා.වැඩිහිටියන් අත්වාරුදීගෙන රැගෙන එමෙන් වලකින ලෙස රජය උපදෙස් දෙනවා.පසුගිය වෙසක් උත්සවය පැවත්වුනෙත් ඒ අකාරයට.පොසොන් පිංකම කියන්නේ මුළුමහත් රටේ සිවුකනෙම මහා පිංකම් සිද්ධවෙන පොහොයක්.

අතිගරු ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමගේ සහභාගිත්වයෙන් පැවත්වෙන මෙවර පොසොන් උත්සවය දිනයේම ලෝක පරිසර දිනයත් යෙදිලා තියනවා.මිහිදුමාහිපානන් මෙහි වැඩමකරමිනුත් අපිට කියා දුන්නේ පරිසර පාඩමක්.

මේවනවිට ගෝලිය වසංගතයක් ඇතිවෙලා තියනනවා නමුත් හැමදාම අපිට මේවා වහගෙන ඉන්න විදියක්නෑ.සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න ඕන මිහිදු මාහිමිපානන් තමයි අපිට ශික්ෂනය හා ධර්මදායදය ලබාදුන්නේ උන්වහන්සේට ගෞරවයක් වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් ක්‍රියාකරන බව අපි දන්නවා.

අපි ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා මෙන්න මේ උපදෙස්මාලාව දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් අපි අදහන ආගම් අදහන්න පුළුවන් අපට ඒතුලින් සිදුවෙලා තියන විපත්ති දුරුකරගන්න පුළුවන්.ලෝකයට වෙලා තියන විපත්ති දුරකරගන්න පොසොන් මහා රාජ්‍ය උත්සවය ආශිර් වාදයක් කරගන්න අපි සැවොම එක්වෙමු.

පොසොන් පොහොය ආගමික කටයුතු සිදුවෙන ආකාරයත් උන්වහන්සේ විසින් අනුශාෂනා කරමින් මෙසේ පැහැදිලි කලහ.හතරවෙනිදා උදෑසන පුරාණ චාරිත්‍රයන්ට අනුව බුද්ධ පූජාව මිහිදුමහාරහතන් වහන්සේ වෙනුවෙන් පූජාව සවසත් හේවිසිනාද සමගින්ම ඒ ආකාරයට පූජාවන් පැවත්වෙනවා.එදින සවස අග්‍රමාත්‍යතුමාගේ සහභාගිත්වයෙන් වාර්ෂිකව පැවත්වෙන විදුලි ආලෝක පූජාව විවෘතකිරිම සිද්ධවෙනවා.එතුමගේ නික්මයාමින් පසුව අශ්ඨඵල බෝධින්වහන්සේ ඉදිරිපිටදි රටටත් රට වැසියාටත් ලෝවැසියන්ටත් සෙත්පතා බෝධි පූජාවක් පැවත්වෙනවා.

ඒ වගේම පොහොය දිනයේ උදෑසන හයේ සිට බුද්ධ පූජාවන් තුනුරුවන් වන්දනවා උපෝසිත ශිලය සමාදන්වීම බුද්ධ පූජාවන් ධර්ම දේශනා ධර් ම සාකච්චාව මිහිදුමාහිමිපානන්ගේ ධාතුවන්දනාව මිහිදු මාහිමිපානන්ගේ ප්‍රතිමාවට වන්දනව.ජාතික රාජ්‍ය මහා පිංකම හැටියට අතිගරු ත්‍රෛයිනිකායික මහනායක මහනාහිමිවරුන්ගේ වැඩම්විම හා අතිගරු ජනපතිතුමාගේ සම්ප්‍රාප්තිය.

අනතුරුව උන්වහන්සේලාගේ අනුශාෂනාවන් ලෝක පරිසර දිනයේදි ජනාධිපතිතුමාගේ රැක්රෝපන සිදුකිරිම හා විදුලි ආලෝක පූජාව විවෘත කිරිම.හිතාදර කලාකරුවන්ගෙ සහභාගිත්වයෙන් පොසොන් බොදු බැතිගී වැඩසටහනක් හා එදින රාත්‍රීයේ සිට පසුදින පහන්වනතුරු රටට සෙත්පතා රතන සූත්‍ර දේශනාවක් පැවත්විමට නියමිතයි.

හයවනදා දිනයෙත් උදෑසන සිට බුද්ධ පූජාවන් තුනුරුවන් වන්දනවා උපෝසිත ශිලය සමාදන්වීම බුද්ධ පූජාවන් ධර්ම දේශනා ධර්ම සාකච්චාව මිහිදු මාහිමිපානන්ගේ ධාතුවන්දනාව මිහිදු මාහිමිපානන්ගේ ප්‍රතිමාවට වන්දනව ඇතුළු පිංකම් පැවත්වෙනවා.

මෙම අවස්ථාවට එක්වු පොසොන් කමිටුවේ සභාපති අනුරාධපුර මහ දිසාපති නීතිඥ ආර්.එම්.වන්නිනායක මහතා.ප්‍රධාන උත්සවය පැවත්වෙන්නේ මිහින්තලා රජමහා විහාරස්ථානයේ.ඊට අමතරව ශ්‍රී මහබෝධින්වහන්සේ අසල සතිපිරිත නොපැවැත්වෙන නිසා දුරස්ථභාවය රැකගනිමින් සීමිත ස්වාමින්වහන්සේලාගේ සභභාගිත්වයෙන් සර්ව රාත්‍රීක ධර්ම දේශනාවක් පැවත්වෙනවා.රුවන්වැලි සෑරදුන් අභියස තොරාගත් 250ක පිරිසකගේ සහභාගිත්වයෙන් සිල් සමාදන්වෙනවා.

සංචරනය වන්දනා ගමන් තහනම් කරලයි තියෙන්නේ.ඇදිරිනීතිය ක්‍රියාත්මක නොවුනොත් දිස්ත්‍රික්කයේ පිරිස් වන්දනාමාන කටයුතු වලට පැමිණෙයි.එහිදි ඔවුන් පූජා භූමියට ඇතුල් කරගතයුතු වන්නේ සෞඛ්‍ය අංශ නීතිරිතිවලට අනුව.ඒවගේ ආරක්ෂක අංශවල උපදෙස්වලට අනුව.

ඇදිරිනීතිය පැනවුනොත් සිල් සමාදන්වන 200ක් පමණ ආගමිකවතාවත් සදහා යොමුකරන්න අවශ්‍ය ලේඛණයන් සකසන්න.එම කටයුතු වලදි නිරෝධායනය නොවුනු පවුල්වල අය තොරා ගන්නවා වගේම ඔවුන්ට සෞඛ්‍ය අංශ උපදෙස් මැනවින් ලබාදිය යුතුයැයි සභාපතිවරයා පැවසුවේය.

මෙම රැස්විම පොසොන් කමිටු රැස්විමේ සභාපති අනුරාධපුර මහ දිසාපති නීතිඥ ආර්.බී වන්නිනායක උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් අග්‍රාමාත්‍ය බෞද්ධ කටයුතු සම්බන්ධිකාරක පූජ්‍ය එගොඩ උයනේ ඥානවිමල හිමිපානන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියපෙරුම ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතවල නිලධාරින් රැසක් ඊට එක්ව සිටියහ.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories