අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ රැදවියෙකු තමන් ඇඳ සිටි සරම ඉරා ඉන් ගෙළ වැළ දමාගෙන මිය ගොස් ඇතැයි අඟුණකොළපෑලැස්ස පොලීසිය පවසයි.

ගෙළ වැළ දමාගෙන මිය ගොස් ඇත්තේ මාතර තුඩාව පොල්පිටියේ පදිංචිව සිටි 20 වැනි වියේ පසූ වූ පී.කේ.කසුන් කාවින්ද යන අයෙකු බව පොලීසිය කියයි.

හෙරොයින් ග්‍රෑම් 01 ක් ළඟ තබා ගැනීමේ වරදට මාතර පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති මිය ගොස් ඇති තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර ගත කොට තිබේ.ඉන් අනතුරුව එම තරුණයා  නිරෝධායනය සදහා අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයට යොමු කොට තිබේ.ඒ අතර තුරදී අද සවස මොහු ගෙළ වැළ දමා ගෙන ඇතැයි පොලීසිය කියයි.

මිය ගිය රැදවියගේ මෘත දේහය මේ වන විට අඟුණකොළපෑලැස්ස දිසා රෝහලේ තැන්පත් කොට ඇති අතර වෛද්‍ය පරීක්ෂණය සදහා සිරුර හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල වෙත යැවීමට නියමිතය.

චන්ද්‍රසේන ගමගේ

More Stories