සෞඛ්‍ය සේවා ඇඳිරි නීති බලපත්‍රය යොදගෙන මත් පෙති ,මත් කරල් සහ ගිණි අවි උණ්ඩ ප්‍රවාහනය කළ කළුතර නාගොඩ මහ රෝහලේ සේවය කරන සුළු සේවකයෙකු හා ඔහුගේ සහෝදරයා අද (04) දහවල් අත් අඩංගුවට ගත් බව කළුතර ⁣දිසා දූෂණ මර්දන ඒකකය කියයි .

සුව සේවකයා තම ඇඳිරිනීති බලපත්‍ර යතුරු පැදියේ ප්‍රදර්ශනය කරමින් මත් පෙති 220 ක්, මත් කරල් 20 ක්, හා බෝර 12 ගිණි අවි සඳහා උණ්ඩ 30 ක් රැගෙන තම සහෝදරයා සමග යතුරු පැදියෙන් යන අතරතුර කළුතර වවුළුගල ප්‍රදේශයේ දි අත් අඩංගුවට ගෙන ඇත .

කළුතර දිසා දුෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් කොරලගේ මහතා ඇතුළු නිළධාරින් පිරිසක් මෙම වැටලීම සිදුකළ අතර සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු යොදා ඇත.

 

More Stories