අමනුෂ්‍ය බලපෑම් එල්ලවන තැන් වශයෙන් බොහෝ විට සඳහන් වන්නේ පැරණි නිවාස සහ මන්දිරයන් ය.එහෙත්, අති නවීන ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමයකට තනා, අලුතින් ගෙවැදුණු නිවසකටත් අමනුෂ්‍ය බලපෑමක් එල්ලවී ඇති බව පිළිබඳව මීට කලකට ඉහත මට අසන්නට ලැබිණි. ඒ මගේ හිතවතෙකු වන දංකොටුවේ පදිංචි රවීන්ද්‍ර සමරප්පෙරුමගෙනි. රවීන්ද්‍ර පුත්තලම් දිස්ත්‍රික් ශ්‍රී ලංකා ගුවන් හමුදාසේවා මුක්ත සංගමයේ අනුශාසකවරයා ය. තොරතුර ලැබී ආසන්නම දිනක නිවසේ හිමිකරුවන්ගේද පූර්ණ එකඟත්වය මත මමත් රවීන්ද්‍රත් එම නිවස සොයා ගියෙමි.

‘‘අපි ලොකු පාටියක් එහෙම දාලා තමයි ගෙදර පදිංචියට ආවේ. ඒත් පදිංචි වෙලා ටික දවසක් යනකොට අපේ හිත්වලට අමුතුම පාළුවක්, තනිකමක් වගේ දෙයක් දැනෙන්න ගත්තා. මට වගේම දරුවන්ටත් ඒ පාළුව, තනිකම ඒ විදිහටම දැනුණා. ඊටපස්සේ තමයි ලොකු දුව කියන්න පටන්ගත්තේ මේ ගේ ඇතුළේ තවත් කවුරුහරි ඉන්නවා දැනෙනවා කියලා.’’
භූත සිද්ධිය අප හමුවේ අනාවරණය කරමින් නිවසේ හිමිකාරිය කීවා ය.

රවීන්ද්‍ර සමරප්පෙරුම

වෙන්නප්පුව නගරයෙන් මදක් ඔබ්බෙහි අර්ධ නාගරික පරිසරයක පිහිටි එය බැලූබැල්මටම සාමාන්‍ය නිවහනකට වඩා මන්දිරයක සිරි ඉසිලීය. ඒ අවට තවත් එවැනිම සුවිසල් නිවෙස් කිහිපයක් දැකිය හැකි වූ මුත් ප්‍රමාණය සහ විචිත්‍ර බව අතින් මෙම නිවසට ඒ සියල්ල පැරදවීය.නිවසේ හිමිකරුවන් වූයේ දීර්ඝ කාලයක් ඉතාලියේ රැකියා කොට මව්බිමට පැමිණ සිටි අඹුසැමි යුවලකි.ඔවුන් උපයාගත් අතිවිශාල මුදලින් සෑහෙන කොටසක් එම මන්දිරය තැනීම සඳහා යටකොට ඇති වගක් බැලූ බැල්මටම පෙනෙන්නට තිබිණි. එම යුවලට යොවුන් වියේ පසුවන දරු තිදෙනෙකු වූ අතර, දරුවන් ද සමග නිවසේ පදිංචියට විත් ඒ වන විට මාස කිහිපයක් ඉක්ම ගොස් තිබිණි.
‘‘අපි ලොකු පාටියක් එහෙම දාලා තමයි ගෙදර පදිංචියට ආවේ. ඒත් පදිංචි වෙලා ටික දවසක් යනකොට අපේ හිත්වලට අමුතුම පාළුවක්, තනිකමක් වගේ දෙයක් දැනෙන්න ගත්තා. මට වගේම දරුවන්ටත් ඒ පාළුව, තනිකම ඒ විදිහටම දැනුණා. ඊටපස්සේ තමයි ලොකු දුව කියන්න පටන්ගත්තේ මේ ගේ ඇතුළේ තවත් කවුරුහරි ඉන්නවා දැනෙනවා කියලා.’’
භූත සිද්ධිය අප හමුවේ අනාවරණය කරමින් නිවසේ හිමිකාරිය කීවා ය.

‘‘ඊට පස්සේ මටත් මේ ගේ ඇතු‍ළෙන් මහා අමුතු පාළු ගඳක් දැනෙන්න පටන්ගත්තා. ඒත් මේ වගේ අලුතින් හදපු ගෙදරක එහෙම දැනෙන්න විදිහක් නැහැනේ. ඒ හින්දා මේක අපිට ලොකු ප්‍රශ්නයක් වුණා.’’වැඩිදුරටත් විස්තර කළ ඇය පැවසීය.
‘‘ඊට පස්සේ අපි මේ කතාව අපිට හුඟක් හිතවත් නෑනා කෙනෙකුට කිව්වා.මොකද එයාලා ඔය යක්ෂයෝ එලවන පාස්ටර් කෙනෙක්ව දැනගෙන හිටිය නිසා. පස්සේ ඒ පාස්ටර් එයා බැඳලා ඉන්න සිස්ටරුත් එක්ක ඇවිත් දෙවියන්ට යාඥා කරලා ගේ හැමතැනම සුදු පාට කුඩු වගයක් ඉහලා ගියා. පුදුමේ කියන්නේ එදායින් පස්සේ රෑට ගෙදර අමුතු සද්දත් ඇතිවෙන්න පටන් ගත්තා.ඊටපස්සේ අපි හලාවත ගිහින් ඒ පාස්ටර් මුණගැහුණම එයා කිව්වා ඕක යක්ෂයා අරක්ගත්තු ගෙයක්. ඔය ගෙදරින් යක්ෂයා එලවන්න නම් ඔයාලා අපේ කණ්ඩායමට සම්බන්ධ වෙන්න. එහෙම බැරි නම් ගේ අතහැරලා යන්න කියලා.’’
ඇය වැඩිදුරටත් කීවාය.

නමුත් ජන්මයෙන්ම කිතුණු බැතිමතුන් වූ නිසා එක් එක් නිකායන්ට සම්බන්ධ වීම ගැන ඥාතීන් දැඩිව විරුද්ධ වූ බව ද ඈ කීවාය.කෙසේ හෝ තම ජන්ම ආගම වෙනස් කිරීමට ඇති නොහැකියාව නිසා ඔවුන් ‘බෞද්ධ ක්‍රමය’ යැයි සඳහන් කළ ගුප්ත පිළියමකට එකඟ වී ඇත්තේ ඒ සඳහා ආගම් මාරුවක් අවශ්‍ය නැති බව පැවසූ බැවිනි. එහිදී ඇදුරෙකු යැයි පැවසෙන පුද්ගලයෙකු සහ ඔහුගේ සගයන් දෙදෙනෙකු පැමිණ නිවසේ සාලය මැද මල් බුලත් පුටුවක් තබා, රැයක් පහන් වනතුරු යන්ත්‍ර මන්ත්‍ර ජපකොට මැතිරූ තැඹිලි ගෙඩියක් පසුදා අළුයම පවුලේ සාමාජිකයන්ට බීමට දුන් වග නිවස හිමි කාන්තාව කීවා ය.
‘‘මේ ගෙදරට මොකක්හරි අමනුෂ්‍ය දෝෂයක් තියෙනවා නම් ඒ තැඹිලි ගෙඩියේ වතුර තිත්ත වෙන්න ඕනේ කියලා ඒ මනුස්සයා කිව්වා. මගේ මහත්තයටයි පුතාටයි (පවුලේ බාලයා) හැරුණුකොට මටයි දුවලා දෙන්නටයි ඒ තැඹිලි වතුර තිත්ත බව හොඳටම තේරුණා. එතකොට තමයි ඒ මනුස්සයා කිව්වේ ඒ මනුෂ්‍ය බලපෑම අපි තුන්දෙනාගේ ඇඟවල් වලට ඇතුළු වෙලා කියලා. ඒකයි අපිට එහෙම දැනෙන්නේ කියලා. කොහොම හරි අපි තුන්දෙනා මේ ගෙදර කාමරයක් ඇතුළට යනකොට අපිට හොඳටම තේරෙනවා ඒකේ ඇතුළේ ඉන්න කවුරුහරි ජනේලෙකින් පැනලා යනවා කියලා. දැන් අපිට මේ ගෙදර ඉන්න එක එපා වෙලා.’’

ඇය කීවේ අපමණ දුක් මහන්සි වී තමන් විසින් තනාගත් මැදුර තමන්ට අපායක් වී ඇති බව අනියමින් පවසමිනි. මෙහිදී එම රූප, ශබ්ද ආදී අමනුෂ්‍ය සංඥා සේම තැඹිලි වතුර තිත්ත වීම ද ව්‍යංගය (Suggestion) නම් මානසික සාධකය මත පදනම් වන බව අපට වැටහිණී.
‘‘මේක අපි ඉතාලි ක්‍රමයට හදවාගත්තු ගෙයක්. ඒත් ඔය වාස්තු දෝෂ කියන ඒවා නම් අපි බැලුවෙම නැහැ. ඔය අතරේ අපේ යාළුවෙක් වාස්තු දෝෂ බලන්න කියලා කාවද මන්දා මෙහාට එව්වා. ඒ මනුස්සයා කියපු ටික අහලා අපිට මේ ගේ විතරක් නෙමෙයි ජීවිතේම එපා වුණා.’’
එම නිවෙස් හිමියා කීවේ තමන් ගොඩනගාගත් මැදුර සකල විධ වාස්තු දෝෂවලින් පිරී ඇති බවත්, ඒවා ඉවත් කිරීමට නම් නිවසෙන් සැලකිය යුතු කොටසක් කඩා ඉවත් කළ යුතු බවත් වාස්තු පිිරික්සන්නා කී බව ය.එය වලකා ගන්නට නම් රුපියල් ලක්ෂ අටක මුදලක් වැය වන බව ද ඔහු කී බව ද අනාවරණය විය. ඒ අනුව අප රටේ මිථ්‍යා ජාවාරම කොතෙක් ඔඩු දුවා තිබේ දැයි අපට සිතාගත හැකි විය.

ගෙහිමියන්ගේ පූර්ණ අවසරය මත මමත් රවීන්ද්‍රත් එම නිවසේ ඇතුළත පරීක්ෂා කළෙමි. එහිදී එම අඹුසැමි යුවලගේ කාමර, එක් එක් දරුවාගේ කාමර, රූපවාහිනී කාමරය ආදී නිවසේ කොටස් එකිනෙකට දුරස්ව හා වෙන්වී ඇති බවක් අපට මනාව නිරීක්ෂණය විය. ඒ අනුව මේ නව නිවහන තුළ ඔවුන්ගේ පවුල හුදෙකලා වී ඇති බව අපට පහසුවෙන් වටහාගත හැකි විණි. ඒ හැරුණුකොට නිවසේ සුවිසල් ජනෙල් සඳහා පුළුල් වීදුරු භාවිතකොට ඇති අන්දමත් නැගෙනහිර දිශාභිමුඛව සැකසුණු එම වීදුරුතල මගින් තද හිරුඑළිය සේම උණුසුම නිවස තුළට කාන්දු වීමට ඇති හැකියාවත් නිරීක්ෂණය කිරීමට අපට හැකි විය.
මෙවන් පසුබිමක තම පවුලේ සාමාජිකයන්ගේ සමීපත්වය, උණුසුම අහිමිවීමෙන් ඇතිවන තනිකම, පාළුව වටහාගත නොහැකි එම ගෘහණිය හෝ දියණිවරුන් දෙදෙනාගෙන් කෙනෙකු එය ‘අමුතුම පාළුවක්’ ලෙස විස්තර කිරීමේ අරුමයක් නැත.

අනතුරුව ගෙහිමියන්ගේ පූර්ණ අවසරය මත මමත් රවීන්ද්‍රත් එම නිවසේ ඇතුළත පරීක්ෂා කළෙමි. එහිදී එම අඹුසැමි යුවලගේ කාමර, එක් එක් දරුවාගේ කාමර, රූපවාහිනී කාමරය ආදී නිවසේ කොටස් එකිනෙකට දුරස්ව හා වෙන්වී ඇති බවක් අපට මනාව නිරීක්ෂණය විය. ඒ අනුව මේ නව නිවහන තුළ ඔවුන්ගේ පවුල හුදෙකලා වී ඇති බව අපට පහසුවෙන් වටහාගත හැකි විණි. ඒ හැරුණුකොට නිවසේ සුවිසල් ජනෙල් සඳහා පුළුල් වීදුරු භාවිතකොට ඇති අන්දමත් නැගෙනහිර දිශාභිමුඛව සැකසුණු එම වීදුරුතල මගින් තද හිරුඑළිය සේම උණුසුම නිවස තුළට කාන්දු වීමට ඇති හැකියාවත් නිරීක්ෂණය කිරීමට අපට හැකි විය.
මෙවන් පසුබිමක තම පවුලේ සාමාජිකයන්ගේ සමීපත්වය, උණුසුම අහිමිවීමෙන් ඇතිවන තනිකම, පාළුව වටහාගත නොහැකි එම ගෘහණිය හෝ දියණිවරුන් දෙදෙනාගෙන් කෙනෙකු එය ‘අමුතුම පාළුවක්’ ලෙස විස්තර කිරීමේ අරුමයක් නැත. ඇගේ එම මානසිකත්වය පවුලේ සෙසු සාමාජිකයන් වෙත ද සන්නිවේදනය වීමෙන් එය එම පවුලේ පොදු මානසික ප්‍රකාශනයක් බවට පත්ව තිබුණි. මෙය හුදෙක් මානසික සාධක මත පැන නැගුණු තත්ත්වයකි.
මෙහිදී කිතුණු නිකාය, බෞද්ධ ක්‍රමය සේම වාස්තු දෝෂ පිරික්සීම ලෙස මෙම පොදු මානසික ප්‍රකාශනයට මිථ්‍යා අර්ථ නිරූපණ ලබාදුන් පුද්ගලයන් විසින් එම පවුලේ මානසිකත්වය මුළුමනින් කඩා බිඳ දමා තිබුණි. එම ගෘහණිය සහ දියණියන් පෙර නොවූ ලෙස රෝගීවීම මානසික බිඳවැටීම නිසා වූ දෙයක් වීමට පුළුවන. එමෙන්ම මෙම සකල විධ දෝෂවලට බලපෑ ප්‍රධානතම හේතුව එම අඹුසැමියන් තම පවුලේ අවශ්‍යතාව ඉක්මවා තමන්ට කිසිසේත් නොගැලපෙන තරම් සුවිසල් ආකාරයට, ශ්‍රී ලංකාවේ දේශගුණයට කිසිසේත් සමාන නොවන ගෘහ නිර්මාණයක් අනුව මැදුරක් තනාගෙන ඒ තුළ තමන් විසින්ම හුදකලා වීම බව බැලූ බැල්මටම අපට පසක් විය.

‘‘මේ ගෙදරට කිසිම අමනුෂ්‍ය දෝෂයක්වත් වාස්තු දෝෂයක්වත් නැහැ. එහෙම තියනවා කියනවා නම් අපි දෙන්නාගෙන් කවුරුහරි ඕනේ තරම් දවස් ගාණක් මේ ගෙදර තනියම ඉඳලා පෙන්වන්නම්.’’
අවසානයේ රවීන්ද්‍රත් මමත් ඔවුන්ට කීවෙමු.
‘‘එතකොට අපිට බලපාන තත්වේ නැති කරන්න අපි මොනවද කරන්න ඕනේ?’’
අපේ එම ප්‍රකාශයෙන් පසු එම ගෘහණිය ඇසුවාය.

මෙහිදී මා කළේ අමුතු ගුරුකමක් නොවේ. සාමූහිකත්වය, සතුට සහ නවතාවය යන සාධක තුන ඔස්සේ මිනිස් මනස තුළ පැලපදියම් වූ ඕනෑම යක්ෂයෙකු, ප්‍රේතයෙකු, අමනුෂ්‍යයෙකු පලවා හැරිය හැකි බව සනාථ කිරීමක් පමණි.යක්ෂ,භූත,ප්‍රේත,පිසාච,කුම්භාණ්ඩ ආදීන් සිටිනා බව පිළිගන්නා යමකු වෙත් නම් ඒ සමඟම තවත් පිළිගත යුත්තක් තිබේ.ඒ උන් සෑම එකෙකුම ඇත්තේ අප ගේ මනැස් වල පමණක් බව ය.

‘‘මේ ගෙදර බඩු මුට්ටු, දොර රෙදි තියන විදිහ සැරින් සැරේ වෙනස් කරන්න.ඔයාලා ඉන්න කාමරත් සැරින් සැරේ මාරු කරන්න. ඒ වගේම සතියකට දවසක් හරි පවුලේ පස්දෙනාම සාලේ හරි බැල්කනියක හරි මෙට්ට දාගෙන එකට නිදාගන්න. ඒ වගේම මාසෙකට සැරයක් හරි ඔය දන්න කියන කට්ටියක් ගෙන්නාගෙන ගෙදර පැදුරු සාජ්ජයක් දාන්න. තමන්ට හුඟාක් හිතවත් පවුල්ගෙදරට ගෙන්න ගන්න. ඒ අය එක්ක විනෝද ගමන් යන්න. එතකොට ඔය දෝෂ කියලා හිතාගෙන ඉන්න සේරම දූරීභූත වෙලා යයි.’’
මම කීවෙමි.
මෙහිදී මා කළේ අමුතු ගුරුකමක් නොවේ. සාමූහිකත්වය, සතුට සහ නවතාවය යන සාධක තුන ඔස්සේ මිනිස් මනස තුළ පැලපදියම් වූ ඕනෑම යක්ෂයෙකු, ප්‍රේතයෙකු, අමනුෂ්‍යයෙකු පලවා හැරිය හැකි බව සනාථ කිරීමක් පමණි.යක්ෂ,භූත,ප්‍රේත,පිසාච,කුම්භාණ්ඩ ආදීන් සිටිනා බව පිළිගන්නා යමකු වෙත් නම් ඒ සමඟම තවත් පිළිගත යුත්තක් තිබේ.ඒ උන් සෑම එකෙකුම ඇත්තේ අප ගේ මනැස් වල පමණක් බව ය.

තිලක් සේනාසිංහ

vinivida

Similar Posts