පොල් මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග ජනතාව දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ මේ වන විට  පොල් ගෙඩියක මිල රුපියල් 180ත් 200ත් දක්වා ඉහල ගොස් ඇති බවත්ය.

මෙම තත්වයන් මත පොල් මිලදි ගැනිමට යාමේදි එලොව පොල් පෙනෙන බවත් මෙසේ පොල් මිල ඉහළ යාමෙන් තමන් දැඩි අසීතාවයන්ට පත්ව ඇති බවත්ය.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි නගරයේ පොල් වෙළදුන් කිප දෙනකුම පවසන ලද්දේ මේ වන විට පොල් තොග මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

තම වෙලද ඉතිහාසයේ පොල් මිල මේ තරම් ඉහල මිලකට ගිය පලමු අවස්ථාව මෙය බවත් ඉදිරියේදි පොල් මිල තව දුරටත් ඉහල යාමේ අවදානමක් පවතින බවද එම වෙළදුන් වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories