ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවුඩයක් එවා තිබෙන අතර ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වයට සහ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඉන්දියාව අඛණ්ඩව සහාය දක්වන බව එම සුබ පැතුම් පණිවුඩයේ සඳහන් වේ.

ජනතාවගේ අනෝන්‍ය ප්‍රයෝජනය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් එම පණිවුඩයේ සඳහන් කර තිබෙනවා.

Similar Posts