ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට වෙන්ව ගමනක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දෙරටටම ඇත්තේ පොදු ගතිකයන් බවත් දෙපාර්ශවයම එකම කාසියේ දෙපැත්තක් බවත් ජනාධිපති පෙන්වා දෙනවා.

ඒ, ඉන්දීය රජය පරිත්‍යාග කළ ඩෝනියර් 228 සමුද්‍රීය මුර සංචාරක ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නිල වශයෙන් භාරදීමේ උත්සවය අමතමින්. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ ඉතිහාසය විසින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක් කර ඇති නිසා ඉදිරියටත් දෙපාර්ශ්වය එක්ව සිටිය යුතු බවයි.

සහජීවනයෙන් කලාපයේ සහ ලෝකයේ ගැටලු ජය ගැනීමට කටයුතු කළයුතු බවත් ඉන්දීය සාගරයේ කුඩා රටක් වන ශ්‍රී ලංකාව, ඉන්දියාව ගෝලීය බලවතෙකු ලෙස ඉදිරියට පැමිණෙන භූමිකාව දෙස බලා සිටින බවත්, ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා. ඔවුන් සමග අවබෝධයෙන් කටයුතු කිරීමට හැකියාව ආණ්ඩුව සතු බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන්දියාව විසින් මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළේ අදට යෙදෙන එරට 75වන නිදහස් දිනයද සමරමින්.

මේ අතරආන්දෝලනාත්මක චීනයේ ‘යුවාන් වැන්ග් 5’ අධිතාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව හම්බන්තොට වරායට සේන්දු වී ඇත.

චීන නෞකාවට අද(16) සිට දින 7 ක් හම්බන්තොට වරායට පිවිසීමට ශ්‍රී ලංකාව අවසර ලබා දුන්නේ විවාදාත්මක තත්ත්වයක් තුළ වීම විශේෂයි.

More Stories