ඉන්ධන සැපයුම බරපතළ අර්බුදයක් බවට පත්ව ඇති බවත් ඉන්ධන නෞකාවක් නැවත ලැබෙන දිනයක් නිශ්චිතව කිව නොහැකි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. ඉකුත් වසරක පමණ කාලය තුළ ඉන්ධන ආනයනය කළ සැපයුම්කරුවන්ට ඩොලර් හැත්තෑ තුන් කෝටි පනස් ලක්ෂයක් පමණ ණය වී ඇති බවත් එම තත්ත්වය හේතුවෙන් ඉන්ධන සැපයුම්කරුවන් ටෙන්ඩර් සඳහා ඉදිරිපත් නොවන බවත් ඔහු කීවේය.

ඒ හේතුවෙන් ඉදිරි ඉන්ධන සැපයුම දැඩි අභියෝගයක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන ආකාරයටම ඉන්ධන ආනයන කිරීම වඩාත් බරපතළ ක්‍රියාවලියක් බවට පත්ව ඇති බව කී හෙතෙම ඉදිරි කාලය වඩාත් අමාරු කාලයක් වනු ඇති බවද කීවේය. වර්තමානයේ ප්‍රධාන කරුණ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම වුවත් ඉන්ධන සැපයුම පහසුවෙන් කළ හැකි දෙයක් නොවන බවත්,

මීට වසරකට පමණ පෙර සැපයුම්කරුවන් සමග සාකච්ඡා කර ගිවිසුම්ගත වී තිබුණේ නම් ගැටලුව මෙතරම් බරපතළ නොවන බවත්, අමාත්‍යවරයා සඳහන් කළේය.

පවතින තත්වය තුළ ඉන්ධන පිරවුම්හල්වල හිමිකරුවන්ට සහ සේවකයන්ට බාධාවන ආකාරයට කටයුතු කිරීමෙන් වලකින්නැයිද ඇමැතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

More Stories