ප්‍රංශය තුළ මුල් අවධියේ කොරෝනා වෛරසය පැතිරීම ඉතා මන්දගාමීව සිදු වුවත්, අද වන විට ඒම තත්ත්වය ඉතා බරපතල වෙමින් පවතින බව වාර්තා වේ. ප්‍රංශය තුළ අද වන විට රෝගීන් කොරෝනා රෝගීන් 59,105 සිටිනා බව වාර්තා වේ. ඉන් මිය ගිය ප්‍රමාණය 5,387 ක් වන අතර, සම්පුර්ණ සුවය ලැබූ ප්‍රමාණය 12,428 වන බවත් වාර්තා වේ. ඊයේ පමනක් රෝගීන් 2,116 වාර්තා වී ඇති අතර මිය ගිය ප්‍රමාණය 1355ක් බව වාර්තා වේ.

ප්‍රංශයේ Ile – de – France කලාපයේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ප්‍රංශ මාධ්‍ය වෙත ප්‍රකාශකර සිටියේ ඒම කලාපය තුළ කොරෝනා රෝගීන් රෝහල් ගත කිරීමේ හැකියාවේ අවසන් අධියරේ මේ වන විට පසුවන බවයි. අපේ කලාපය තුළ රෝගීන් වැඩිවීම ඉතා තැති ගන්වන මට්ටමින් ඉහල යමින් පවතින බවත් ඔහු ප්‍රකාශකර තිබුනි.

ඔහු තවදුරටත් ප්‍රකාශකර ඇත්තේ තම කලාපය තුළ පමණක් රෝගීන් 9600ක් රෝහල් ගත කර ඇති බවත්, දැඩි සත්කාර ඒකකයේ පමණක් රෝගීන් 2,204ක් සිටිනා බවත්, නමුත් තම කලාපයේ දැඩි සත්කාර ඒකකයේ දාරිතාවය 1,500ක් බවත් ප්‍රකාශ කර සිටියාය.

යුරෝපය හා ඇමරිකාව තුළ වේගයෙන් පැතිරෙමින් පවතින මෙම කොරෝනා වෛරසය හේතුවෙන් ඇමරිකා ඒක්සත් ජනපදය තුළ පමණක් මේ වන විට රෝගීන් ලක්ෂ දෙක (244,877) ඉක්මවා තිබේ. ඒමෙන්ම ඉතාලිය (115,242) හා ස්පාඤ්ඥය (112,065) තුළ කොරෝනා ආසාදිත රෝගීන් ප්‍රමාණය ලක්ෂය ඉක්මවා තිබේ.

මෙම වෛරසය ආසාදනයෙන් මේ වන විට වැඩියෙන්ම මරණ ප්‍රමාණයක් වාර්තා වන්නේ ඉතාලියෙනි. ඒම ප්‍රමාණය 13,915 කි. දෙවැනි ස්ථානය ගෙන ඇත්තේ ස්පාඤ්ඤයයි. ඒම ප්‍රමාණය 10,348 කි.

‌මේ අතර ඊයේ දිනයේ ලෝකයේ රවල් 203ක් තුළින් රෝගීන් 79,747 වාර්තා වී ඇති අතර ඒම ප්‍රමාණයට රෝගීන් 29,874 ක් වාර්තා වී ඇත්තෙ ඇමරිකා ඒක්සත් ජනපදයෙනි. දෙවන ස්ථානය ස්පාඤ්ඤයෙන් වන අතර ඒම ප්‍රමාණය 7,947කි. ජර්මනියෙන් රොගීන් 6,813ක් ඊයේ දින පමණක් වාර්තා වී තිබේ.

අද වන විට ලෝකය පුරා කොරෝනා රෝගීන් 1,015,877 ක් වාර්තා වන අතර, මෙම වෛරසය හේතුවෙන් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 53,218 දක්වා ඉහල ගොස් තිබේ. මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී සම්පුර්ණ සුවය ලැබූ ප්‍රමාණය 212,992 කි.

පසුගිය අප්‍රේල් 01 දා ජාතිය අමතමින් ඇමරිකන් ජනාපධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට් කියා සිටියේ ඉදරි සති දෙක ඇමරිකාවට ඉතා බරපතල තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බවත්, මෙම වෛරසය හේතුවෙන් ඇමරිකානුවන් ලක්ෂයේ සිට දෙලක්ෂ හතිලස්දාහක් දක්වා පිරිසක් මිය යා හැකි බවත්, මෙම තත්ත්වයට මුහුණ දීමට ඇමරිකානුවන් සූදානම් විය යුතු බවත්ය.

More Stories