එළැඹෙන උත්සව සමය නිමිත්තෙන් දෙසැම්බර් 15 වැනිදා සිට දිවයින පුරා අඛණ්ඩ වැටළීම් සිදුකිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.
ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්රවෘත්ති අධ්යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ.
උත්සව සමයේ කල් ඉකුත් වූ සහ සංශෝධිත තොරතුරු සහිත විවිධ නිෂ්පාදන වෙළෙඳපොළට ගෙනඒමේ හැකියාව පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරමින් මෙම වැටළීම් සිදුකරන බවද ඔහු කියා සිටියි.
උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩවලට අමතරව ඇඳුම් පැළඳුම්, විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ ද ඉහළ ඉල්ලුමට අලෙවි වන බැවින් ඒ සම්බන්ධයෙන් ද වැටළීම් සිදුකිරීමට නියමිතයි.
ඒ අනුව උත්සව සමයේ පැමිණිලි ඇති මහජනතාවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ක්ෂණික ඇමතුම් අංකය වන 1977 හරහා දැනුම් දිය හැකියි.