ජේසුස් කි‍්‍රස්තුස් වහන්සේගේ මරණය සහ උත්තානය හෙවත් මරණයෙන් නැගිටීම සිහිකරමින් සැමරෙන පාස්කු මංගල්‍යය අදට (04) යෙදී තිබෙනවා.

පාස්කු ඉරිදා දිනය ලෙසින් හැදින්වෙන අද දිනයේදී කතෝලික දේවස්ථානවල විශේෂ දේව මෙහෙයන්ද පැවැත්වෙනවා. ජේසුස් කි‍්‍රස්තුස් වහන්සේ සිය ජීවිතයෙන් සමාජයට දුන් ආදර්ශය අදටත් වලංගු බවයි ගරු බෙනඩික් ජෝෂප් පියතුමන් පෙන්වා දුන්නේ.

ලොව පුරා විසිරි සිටින කිතුනු බැතිමතුන්, අලු බදාදා ආරම්භවන දින 40ක කාල පරිච්ඡේදයක් ක්‍රිස්තූන් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සහ මරණය සිහි කරමින් අධ්‍යාත්මික වතාවත්හි නිරතවන අතර පාස්කු ඉරුදින ඔවුන් උන්වහන්සේගේ උත්ථානවීම සමරනවා.

මෙවර කොරෝනා වසංගතය හේතුවෙන් උදාවූ පාස්කු ඉරිදාව, නිවස දේවස්ථානයක් කරගෙන සමරන ලෙස කිතුනු පූජකවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටියා.

කොරෝනා වසංගතය හේතුවෙන් කිතුණු ජනතාවත්, රටේ සියලුම පුරවැසියන්ටත් අභියෝගයක් එල්ල වී ඇති බවයි අගරදගුරු හිමිපාණන් පාස්කු මංගල්‍යය වෙනුවෙන් ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ.

 

 

More Stories