MV-X-Press-Pearl

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සිංගප්පූරුවෙන් පිටත් වූ දින සිට නෞකාවේ කපිතාන්වරයා සහ නෞකාවේ මව් සමාගමත් දේශීය නියෝජිතයාත් අතර සිදුවූ විද්‍යුත් තැපෑල පණිවුඩ සියල්ල පිළිබඳ අධ්‍යනයක් කර එම තොරතුරු ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

විමර්ශන නිලධාරීන් අද දිනයේදී එම නෞකාව නිරීක්ෂණය කිරීමට යෑමට බලාපොරොත්තු වන බවද අජිත් රෝහණ මහතා පැවසීය.

ඊට රජයේ රස පරීක්ෂකවරයා හෝ ඔහුගේ නියෝජිතයෙකු එක්වීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

More Stories