airp

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් මීට මාස හතරකට පමණ පෙර අත්හිටුවනු ලැබුවේ එරෝෆ්ලොට් ගුවන් යානයක් කොළඹ වානිජ මහාඅධිකරණය ලබාදුන් නියෝගයක් මත රඳවා තබාගැනීමත් සමඟයි.

මෙම සිදුවීමෙන් රුසියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පළුදු වු අතර මෙරට ආර්ථීකයට ද එමගින් එල්ල වුයේ දැඩි බලපෑමක්.

ඒ අනුව, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් දෙරට තුල ගුවන් සේවා යලි ක්‍රියාත්මක කිරීම පිලිබද සාකච්ජා වල ප්‍රතිඵලයක් ලෙස මොස්කව් නුවර සිට එරෝෆ්ලොට් ගුවන් සේවයට අයත් එස්.යු 288 ගුවන් යානය මගීන් 259 දෙනෙකු සමග කටුනායක ගුවන් තොටුපලට ලගා වුයේ අද පෙරවරු 10 ට පමණයි.

More Stories